දේශපාලනය ගැන කතාවෙන මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ ඉන්න අයත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව දායක වෙනවද කියලා වගේම මේ දවස්වල තමන්ගේ ජීවිතේ සිද්ධවෙන්න යන අලුත් දේවල් ටිකක් දැනගන්න අපි ජනප්‍රිය නිලි සේමිණි ඉද්දමල්ගොඩ සම්බන්ධ කරගත්තා.
ඔය අතරේ අපි මේ දිනවල ගොඩදෙනෙක් කතාකරන BMW කාන්තාව ගැනත් ඇයගෙන් පොඩි අපි ප්‍රශ්න ටිකක් ඇහුවා. මොකද සේමිණිත් වාහන එළවන කාන්තාවක් නිසා ඒ ගැන ඇත්දැකීම් ගොඩාක් ඇයට ඇති කියලා අපිට හිතුණා.
සේමිණි නම් කියන්නේ පොලිස් නිලධාරියෙක් ඉස්සරහා ඒ කාන්තාව හැසුරුණු විදිය අන්තිම කැතයි කියලා. ඒ කියපු කතාවල් ගැන බලනකොට එයා කාන්තාවක් කියලා කියන්නවත් බෑලු.
ඒ වගේම සිද්ධිය වෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් කාන්තාව කීව දේවල් වලට අනිත් පැත්තට කතා නොකියා ඔවුන්ගේ රාජකාරිය කිරීම ගැනත් සේමිණී කතාකළා. කොහොම වුනත් සමස්ථයක් විදියට ගත්තොත් කාන්තාව කරපු වැඩේ ගොඩක් වැරදියි කියලා තමයි ඇය කියන්නේ.
ඒ වගේම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දවසක ජනප්‍රිය නිලියක් වුණු නයනා කුමාරිත් අපිත් එක්ක කතා කළා. ඇය කියන්නෙත් මේ විදියට පොලිස් නිලධාරියෙකුට කතා කරපු විදියනම් හරිම කැතයි කියලා. කාන්තාවක් විදියට මීට වඩා හොඳ හික්මීමකින් ඒ අවස්ථාවේ කටයුතු කරන්න තිබුණා කියලත් ඇය කියනවා.
ඔවුන් දෙදෙනා අපට දැක්වූ අදහස් ඇතුලත් හඬපට පහතින් අහන්න..
සේමිණී ඉද්දමල්ගොඩ
නයනා කුමාරි
සංවාදය හර්ෂ මෙන්ඩිස්, සජීව සිල්වා