මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණයා, පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබුණා.
අනතුරුව ඔහු මාර්ගයේ නිවසක් ඉදිරිපිට තිබුණු පුටුවක් මත අසුන් ගැනීමෙන් මොහොතකට පසු, මියගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ.
34 හැවිරිදි මෙම තරුණයා, කඩවත, කොපියාවත්ත ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
හිරු අප කළ විමසීමකදී කඩවත පොලිසිය සඳහන් කළේ, මියගොස් ඇති තරුණයාගේ පීසීආර් පරීක්ෂණය අද දින පැවැත්වුනු බවයි. එහි ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වනු ඇති.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.
