Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
09
"ඒ අයට ක්‍රමයෙන් මම උත්තර දීලා බැහැර කළා. රෝයිව බඳීන්න කලින් ගෙදර ඉස්සරහා මිනිස්සු මං එනකම් බලන් ඉන්නවා..." - සුමනා අමරසිංහ

- "ඒ අයට ක්‍රමයෙන් මම උත්තර දීලා බැහැර කළා. රෝයිව බඳීන්න කලින් ගෙදර ඉස්සරහා මිනිස්සු මං එනකම් බලන් ඉන්නවා..." - සුමනා අමරසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

"මැරුණාට පස්සේ ශෝකප්‍රකාශ කරලා ගුණ වර්ණනා කරලා  ලිව්වට වැඩක් නෑ..."
 
"හුඟක් දෙනෙක් මාත් එක්ක කතා කරන්න ආසයි. ඒත් මම ප්‍රශ්න ඇති නොවන විදිහට හැසිරුණා.."
 
මම ඉපඳුණේ නුවර කටුගස්තොට. මගේ අම්මා නුවර. මගේ තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. නුවර ඉන්න බැරි නිසා අපිත් අම්මා එක්ක කොළඹට ආවා. අපි ගල්කිස්සේ කුලී ගෙදරක හිටියේ. මම මුලින්ම පාසල් ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. අපේ පවුලේ ගෑනු දරුවො හතර දෙනයි, පිරිමි දරුවො දෙන්නයි. මම අපේ පවුලෙ දෙවැනියා. අපේ පවුලේ ඔක්කොම ගෑනු ළමයි ලස්සනයි. අපේ කොණ්ඩ එහෙම හරි දිගයි. අපි අම්මා එක්ක පාරේ යද්දි හැමෝම කියන්නේ අම්මා වගේම අපිත් ලස්සනයි කියලා. මේ කාලේ තමයි මම ලස්සන මූණු තරගයෙන් දිනන්නේ.


ලස්සන මූණු තරගය කියන්නේ සුමනා අමරසිංහගේ ජීවිතේ එක හැරවුම් ලක්ෂයක්.
ඉස්සර මගේ ඉස්කෝලේ පන්තියේ යාළුවෝ හැමෝම මාව ඇවුරුදු කුමාරි තරගවලට යවනවා "ඔයා හරිම ලස්සනයි" කියලා. ඒ හැම එකකින්ම පළවෙනි තැන ලැබෙන්නේ මට. මට මතකයි මම අවුරුදු කුමාරිට ඉදිරිපත් වුණ එක තරග‍යක් විනිශ්චය කරන්න ආවේ ගාමිණී ෆොන්සේකා, විජිත මල්ලිකා, ජීවරාණි කුරුකුලසූරිය, රූබි ද මෙල්. ඒ හැමෝම මාව දැකලා මට සිනමාවට එන්න කියලා ආරාධනා කළා. මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ රඟපානවට තාත්තා අකමැති නිසා. මේ අතරේ ලේක්හවුස් එකේ ජනතා පත්තරේ ලස්සන මුහුණු තරගයක් තිබුණා. ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් වෙන කොට මම පාසල් යනවා. ඒ වෙද්දී මම හිටියෙ එස්.එස්.සී. පන්තියේ. මගේ ෆොටෝ එකක් නන්දා කියලා යාළුවෙක් ළඟ තිබිලා එයා මේ තරගයට මම නොදැනුවත්වම මගේ ෆොටෝ එක දාලා තියෙනවා. එදා ඒ තරගෙට දෙදාහක් විතර ඉඳලා තියෙනවා. මම ඒකෙන් තිහටත් තේරිලා තියෙනවා. පස්සේ පර්ෆෝම් කරන්න තියෙනකොට එයාට ලියුමක් ඇවිල්ලා. එයාට යන්න බැහැනේ. ඒක නිසා එයා මට කිව්වා මම මෙහෙම දෙයක් කළා කියලා. මගේ අම්මා සිනමාවට කැමතියි. ඒත් මුලදී අම්මාත් දොස් කිව්වා. ඒත් අන්තිමට අම්මාත් මාත් එක්ක ආවා. ඊට පස්සේ දහ දෙනාට තේරුණා. තුන්දෙනාටත් තේරුණා. පස්සේ විනිශ්චයට ආපු අය මාව චිත්‍රපටවලට තෝරා ගත්තා. ඒ තරගයෙන් දින්නාට පස්සේ මට චිත්‍රපට කිහිපයකට ආරාධනා ආවත් තාත්ත මට යන්න දුන්නේ නැහැ.
 
 එතකොට කොහොමද සිනමාවට එන්න පාර හදාගත්තේ?
දවසක් රූබි ද මෙල් ගෙදරටම ඇවිල්ලා කතා කළා. "පිපෙන කුමුදු කියලා චිත්‍රපටයක් මම නිර්මාණය කරනවා ඒකට සුමනාව එවන්න" කියලා රූබි කිව්වාම එක චිත්‍රපටයකට විතරක් යන්න කියලා තාත්තා අවසර දුන්නා. ඊට පස්සේ මම ඒ චිත්‍රපටයේ රඟපෑවා. ඒ චිත්‍රපටයට යනවා කියලා තාත්තට බොරු කියලා තව චිත්‍රපටිය ගොඩක් රඟපෑවා. රෑන ගිරව්, දහසක් සිතුවිලි සමනල කුමරියෝ, හතර පෙරළිය වගේ හැම චිත්‍රපටයකම රඟපෑවේ තාත්තට "පිපෙන කුමුදු එකේ ෂූටිං යනවා" කියලා.
 
 බොරුව හෙළි වුණේ කොහොමද?
මරදානේ ඉස්සර එන චිත්‍රපටිවල ලොකු කටවුට් ගහනවා. ඒකේ ගහලා තිබුණා රෑන ගිරව් එකේ මම ඉන්න කටවුට් එකක්. ඒක දැකලා "මොකද්ද දැන් මේ පිපෙන කුමුදු එකේ රඟපාන්න යනවා කියලා තව ෆිල්ම්වල රඟපානවානේ කියලා" බැන්නා. ඊට පස්සේ තාත්තා තේරුම් ගත්තා මම යන්නේ මේ පාර තමයි කියලා. එතැනින් තාත්තා එහාට මගේ ගමන හරස් කළේ නැහැ.
 
 රෝයි ද සිල්වා මහත්මයා මුණගැහෙන්නේ කොයි කාලයේදීද?
එල්.එම්. පෙරේරා "හතර පෙරළිය" චිත්‍රපටයට මාව තෝර ගත්තා එයාගේ බිරිඳගේ චරිතය රඟපාන්න. ඒක ගීතමය චිත්‍රපටයක්. ප්‍රේමසිරි කේමදාසයගේ සංගීත අධ්‍යක්ෂණයකින් හැදුණු ගීතමය චිත්‍රපටයක්. හතර පෙරළිය මගේ ජීවිතයේ හතර පෙරළිය වුණා. ඒ චිත්‍රපටය දෙබස් පවා කතා කළේ ගීතයෙන්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ රෝයි ද සිල්වා කියලා තරුණයෙක්. එතනදී තමයි මට රෝයිව මුණගැහුනේ.
 
 ඒ ආදර කතාව පටන් ගත්තෙ කොහොමද?
හතර පෙරළිය රඟපාද්දී එයා මාව හොඳට අධ්‍යයනය කරලා තියනවා. රෝයි එතකොට හොඳ නළුවෙක්. නළුවෙක් දැක්කම ගෑනු ළමයි ආසයිනේ. එතන හිටපු අනිත් ගෑණු ළමයි දුවගෙන ගිහිල්ල එයාව වට කර ගන්නවා. එතනට ගියපු නැති එකම ගෑනු ළමයා මම තමයි. මම ආඩම්බරකමට හිටපු නිසා එයා හිතලා තියෙනවා හිතලා තියෙනවා සහකාරිය කරගන්න මම හොඳයි කියලා. ඇත්තටම රෝයි කියන්නේ ඉතාම හොඳ ගතිගුණ තියෙන හොඳ චරිතයක් තියෙන කෙනෙක්. තරුණ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න රවට්ටවනවානේ. රෝයිගේ හොඳ ගතිගුණ සහ ඍජු බවට තමයි එයාට මගේ හිත ගියේ.
 
 ඔහු ආදරය ප්‍රකාශ කරපු විදිහ අහන්න අපි ආසයි.
එදා හරියටම මගේ උපන්දිනයක්. උපන්දිනයට සෙට් එක අයට මම කේක් දුන්නා. රෝයිගේ කේක් කෑල්ල මම එයාට දෙනකොට එයා මට කිව්වා "මම කාල ඉවර වෙලා කන්නම්, ඕක අරන් තියන්න" කියලා. එයාගේ අමුතු ගතිගුණ මමත් දැක්කා. එයා කවුරුත් දෙන්නන් වාලේ ඉක්මනට අරගෙන කනබොන, කලබල කෙනෙක් නෙමෙයි. ඒ ගතිගුණ එක්ක මටත් එයාගේ හිත ගියා. ඒ වගේම එයා හරිම අහිංසකයි. ඒ හොඳ ගති ගුණත් එක්ක එයත් එක්ක ජීවිතේ ගත කරන්න පුළුවන් බව මට තේරුණා. රෝයි කෙළින්ම ඇවිල්ලා මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි මං ගැන ඇහුවා.
 
 ඔබ දෙපළ විවාහා වුණේත් සිනමා පටයක් කරන අතරදී කියලා ආරංචියි.
සූකිරි කෙල්ල චිත්‍රපටයම මට මනමාලියක් වගේ ඇන්දා. මම මාල හතම දාගෙන ඇඳගෙන උඩරට මනමාලියක් වගේ ඇඳගෙන හිටියේ. රෝයිට එවෙලේ හිතිලා තියෙනව බඳිනවා නම් බඳීන්න ඕනේ කියලා. (සිනාසෙමින්) මම චිත්‍රපටයට තමයි මනමාලියකට ඇඳේ ඒත් මට ඇත්තටම මනමාලියක් වෙන්න වුණා. කොළඹ රෙජිස්ටර් ගාවට ගිහිල්ලා අපි කසාද බැන්දා. ජෝ දේවානන්දයි රෝයිගේ තව යාළුවෙකුයි තමයි අපේ කසාදේට අත්සන් කළේ. ඇත්තටම අපිට තියෙන්නේ සිනමාවත් එක්කම ගත වෙච්ච ජීවතයක්.
 
 හැත්තෑව දශකයේ ජනප්‍රියම ආදරවන්තයින් යුවළ ඔබ දෙපළ.
ඒක අපිට හැමෝම කියනවා. අපි ලෝකේ කොහේ ගියත් හැමෝම අපිට කියන්නේ ඒ කාලේ "අපි ආදරේ කරපු ලවර්ස්ලා දෙන්නා ඔයාලා දෙන්නා" කියලා. සිනමා නළුවෝ නිළියෝ කිව්වාම එක එක කයි-කතන්දර හැදෙනවානේ. ඒත් අපි දෙන්නට කාටවත් එහෙම කියන්න කිසිම කතාවක් තිබුණෙ නැහැ. අපිට කතා හැදුණෙත් නැහැ. රිදී තිරයේදී වගේම ඇත්ත ජීවිතයේදීත් අපි දෙන්නා හරිම ආදරෙන් ජීවත් වුණා.
 
 ඔබ දෙපළ රිදී තිරයේදී ආදරේ කරපු හැටි මතක් කරමු?
අපි දෙන්නා මුණ ගැහෙන්නේ හතර පෙරළිය චිත්‍රපටියෙන්. ඊටපස්සේ හැත්තෑව දශකයේ මුල හතර වටේ, මේ දෙඇස කුමටද, ශීලා වගේ චිත්‍රපටවල අපි දෙන්නා එකට රඟපෑවා. 1973දී ජෝ දේව් ආනන්ද්ගේ ‘සුනේත්‍රා’ චිත්‍රපටයේ අපි දෙන්නා රඟපෑවා. 1975 අවුරුද්දේ සිනමාවේ කැපී පෙනුණු ආදරවන්තයින් වුනේ අපි දෙන්නා. මෙම වසරේ තිරගත වූ චිත්‍රපට දෙක බලන විට වසරේ වඩාත් ඉදිරියෙන් සිටි පෙම් යුවළ ලෙස මෙම දෙදෙනා හඳුන්වන්නට පුළුවන්. ඔබයි මමයි, සූකිරි කෙල්ල, මගේ නංගි ශ්‍යාමා, රන්වන් රේකා යන චිත්‍රපට හතරේම ප්‍රධාන පෙම් යුවළ ලෙස රඟපෑවේ අපි දෙන්නා. මෙම චිත්‍රපට හතරම එම ඒ අවුරුද්දේ වඩාත් සාර්ථකව ප්‍රදර්ශනය වුණා. අපි දෙන්නා පෙනී හිටපු ගීතවලින් ගලගෙදර එම්. හක්ගේ තනුවලට අනුව ජෝති – සුජාතා ගයන ‘අනුරාග ඔටුණු පලන්,’ ‘මධාරා මල් කුමාරි’ (ඔබයි මමයි), සීදේවි ගිම්හාන කාලේ ගියා, (සූකිරි කෙල්ල). පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට ජෝතිපාල – ඇන්ජලීන් ගයන ‘කොහේදෝ දුවන්නේ කවුදෝ සොයන්නේ (මගේ නංගී ශ්‍යාමා) වගේ ගීත ජවනිකා අදටත් හරිම ජනප්‍රියයි. සුදු පිරුවට, සුදුපරවියෝ, චෙරියෝ ඩාලින්ග්, ටොම් පචයෝ වගේ චිත්‍රපටවල අපි එකට රඟපෑවා. අපි දෙන්නා චිත්‍රපටි දහයක එකට රඟපෑවොත් චිත්‍රපටි සීයක රඟපෑවා වගේ ජනප්‍රිය වුණා. සිනමාවේ රෝයි සුමනා නම් දෙක බැබළුණා. ඒ නම් දෙක බැබලෙන එක වලක්වන්නත් ගොඩක් අය උත්සාහ කළා. ඒක ඉතිං හරිම සාමාන්‍ය දෙයක්. දැනට වුණත් අනන්ත අප්‍රමාණයි ඉරිසියාකාරයෝ. ඒවා ගණන් ගත්තෙ නැහැ. රෝයිගේ මගේ බැඳීම කාටවත් කඩන්න බැරි වුණා.
 
 ඒ කාලේ දෙන්නාටම රසික ආකර්ෂණය නො අඩුව තියෙන්න ඇති?
අපෝ... අනන්තවත් තිබුණා. අපි දෙන්නට සෑහෙන්න ලියුම් ගොඩක් හැමදාම රසිකයො එව්වා. රෝයිට එන ලියුම් රෝයි මට පෙන්නනවා. මට එවන ලියුම් මම රෝයිට පෙන්නනවා. අපි දෙන්නා හුවමාරු කරගෙන ඒවට උත්තරත් ලියනවා. මට රසිකයන්ගෙන් අනන්තවත් ප්‍රේමාරාධනා ලැබුණා. ඒ අයට ක්‍රමයෙන් මම උත්තර දීලා බැහැර කළා. රෝයිව බඳීන්න කලින් මගේ ගෙදර ඉස්සරහා මිනිස්සු මං එනකං එනකම් බලන් ඉන්නවා. අපේ අම්මලා මම ගෙදර නැහැ කිව්වත් ගේට්ටුව අයිනේ පාරේ එහාට මෙහාට ඇවිද ඇවිද ඒ අය යන්නේ නැතුව හිටියා. හුඟක් දෙනෙක් මාත් එක්ක කතා කරන්න ආසයි. ඒත් මම ප්‍රශ්න ඇති නොවන විදිහට හැසිරිලා තියෙනවා. දැන් වුණත් මට ඒ රසිකයන්ගේ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා.
 
 රසිකාවන් ඔබෙන් රෝයි මහත්මයාව ඉල්ලන්නත් ඇති?
රෝයිව මගෙන් ඉල්ලලා තියෙනවා මාව රෝයිගෙන් ඉල්ලලා තියෙනවා. ඒවා එහෙම තමයි. ඒ රසිකයන්ගේ ආදරය. ඒ අය අපිව දකින්න චිත්‍රපටයෙන්. අපිට ඒ අය ආදරය කරන්න චිත්‍රපටය දැකලා. ඒ අයට වෛර කරන්න හොඳ නැහැ.
 
 සිනමාවේ ඔබට හමු වුණු හොඳම අධ්‍යක්ෂවරු සිහිපත් කළොත්?
මගේ සැමියා නිසා මම රෝයිට හුඟක් කැමතියි. රෝයි දන්නවා මාව හරියාකාරව හසුරුවන්න. ඒ වගේම කේ. ඩබ්ලිව් පෙරේරා මට ලැබුණු හොඳ අධ්‍යක්ෂවරයෙක්. ජෝ දේව් ආනන්ද මහත්තයත් මතක් කරන්නම ඕනේ. ජෝ දේවානන්ද හරිම හොඳ අධ්‍යක්ෂවරයෙක්. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඔහුගෙන්. රෝයි වැඩවලට රට ගියාම මම තමයි එඩිටින්ග් එකේ ඉඳගෙන කටින්ග් පොයින්ට්ස් ඔක්කොම කියන්නේ. රෝයි එක්කම ඉඳලා මම ඒ හැමදේම ඉගෙනගත්තා. සිනමාවේ තාක්ෂණික පැත්ත ගැන මම ගොඩක් ඉගෙනගත්තේ රෝයිගෙන්.
 
 ඔබ සමඟ චිත්‍රපටවල රඟපෑ අනෙක් රංගන ශිල්පීන් ගැන සිහිපත් කළොත්?
ජෝ අබේවික්‍රම මහත්තයත් එක්ක ජෝඩු වළලු චිත්‍රපටයේ මම රඟපෑවා. රවීන්ද්‍ර රඹා සහ මධූ චිත්‍රපටයේ රඟපෑවා. තිස්ස විජේසුරේන්ද්‍ර, ඔස්වල්ඩ් ජයසිංහ, ඩග්ලස් රණසිංහ, හෙන්රි ජයසේන මේ හැමෝම එක්ක මම රඟපාලා තියෙනවා. ඒ අයගෙන් සිනමාව ගැන රංගනය ගැන මම ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් අය වගේ සෙට් එකේදී ෆෝන් අතේ තියාගෙන වෙන වෙන ලෝකවල ඉන්නෙ නැහැ. රවී (රවීන්ද්‍ර) රඟපානවා නම් මම එයාගේ සීන් එක දිහා හොඳට බලාගෙන ඉන්නවා ඔයා මොනවද කියන්නේ කොහොමද රඟපාන්නේ කියලා. අපි හැමෝම හරිම සතුටෙන් විහිළුවෙන් විනොදෙන් සෙට් එකේ හිටියේ.
 
 සුමනා අමරසිංහ කියන චිත්‍රපට නිෂ්පාදිකාව ගැනත් කතා කරමු?
"ටොම් පචයා" කියලා චිත්‍රපටයක් රෝයි අධ්‍යක්ෂණය කළ ඒකෙ නිෂ්පාදිකාව තමයි මම. රූබි ද මෙල් නිසා තමයි මම සිනමාවට ආවේ මට ඕන වුණා කවදාහරි දවසක රූබි ඇන්ටි වගේ සිනමාපටයක් නිෂ්පාදනය කරන්න ඕනි කියලා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදනය සහ ප්‍රධාන නිළියගේ චරිතය රඟපෑවේ මම. ඉන්පසුව තණගිරවි, සුදු පිරුවට, චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ ඩාලින්, හිත හොඳ කොල්ලෙක්, ගෙදර බුදුන් අම්මා වගේ චිත්‍රපට ගොඩක් මම නිෂ්පාදන කළා.
 
 හැත්තෑව දශකයේ බොහෝ සිනමා නිළියන් පසුව ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒත් ඔබ?
නෑ මම ටෙලි නාට්‍යවල රඟපෑවේ නැහැ. සිනමාවෙන්ම විතරයි මම හිටියේ. සිනමාවෙන් පිට මට වෙන ලෝකයක් නැහැ. ටෙලිනාට්‍ය මම පහත් කොට සලකන්නේ නැහැ. ඒත් මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ රෝයි ටෙලිනාට්‍ය කීපයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. නමුත් ඒ එකකටවත් මම සම්බන්ධ වුණේ නැහැ. සිනමාවට මම පණටත් වඩා ආදරෙයි.
 
සිනමාවට පණ වගේ ආදරය කරන, සිනමාවත් එක්ක ජීවිතය ගත වුණු ගැහැනියකගේ ජීවිතයේ ආපසු හැරිලා බලද්දී පසුතැවෙන දේවල් තියෙනවාද?
ඔව් එක පසුතැවීමක් තියෙනවා. මම හැම රංගන ශිල්පියෙක් එක්කම රඟපෑවා. ඒත් ගාමිණී ෆොන්සේකාත් එක්ක රඟපාන්න බැරි වුණා. ඒ කාලයේ ගොඩක් රංගන ශිල්පිනියෝ ප්‍රසිද්ධ වුණේ ගාමිණි එක්ක රඟපාලා. ඒත් මම ප්‍රසිද්ධ වුණේ ගාමිණීත් එක්ක රඟපාලා නෙමෙයි. ඒක ලොකුකමකට නෙමෙයි මම කියන්නේ. ඒත් මට ගාමිණිත් එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඒක මගේ වාසනාවක් ද අවාසනාවක් ද කියන එක මම දන්නේ නැහැ.
 
සිනමාව නිසා ජීවිතය මඟහැරුණු දේවල් තියෙනවද?
කිසිසේත්ම නැහැ. සිනමාව නිසා මට ගොඩක් දේවල් ලැබුණා මට ජීවිතේ මඟහැරුනු තැනක් නැති තරම්. සිනමාව නිසා මට රසික ආදරය ගොඩක් ලැබුණා. අපිට නිවාඩුවක් ලැබුණු ගමන්ම අපි පිටරට සංචාරය කරනවා. සිනමාව නිසා රෝයිගෙයි මගේ ජීවිතයට කිසිම බාධාවක් ඇති වුණේ නම් නැහැ. මම උසස් පෙළ ලියන කාලේ හීන දැක්කේ හෙදියක් හෝ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ හීනේ සිනමාව නිසා නැති වුණා. ඒත් ඒකට හරියන්න මම හෙදියකගේ චරිත චිත්‍රපටවලින් රඟපෑවා.
 
 ජීවිතේ පසුතැවෙන දේවල් ඇත්තෙම නැද්ද?
මගේ ජීවිතයේ පසුතැවෙන කිසිම දෙයක් නැහැ. මගේ ජීවිතේ දුක් වෙන එකම දේ තමයි රෝයි මට අහිමි වීම. රෝයි හිටියා නම් අද මගේ ජීවිතය තාමත් ඉස්සර වගේ සතුටින්. එයා නැතුව හරිම පාළුයි. ඒ ගැන කියන්න දෙයක් නැහැ මට.
 
වර්තමානයේ සිනමාව වගේම සිනමා ක්ෂේත්‍රයත් හරි වෙනස් රංගන ශිල්පීන් ශිල්පිනියන් හරි ඉක්මනින් විවාහ වෙනවා ඒ වගේම ඉක්මනින් වෙන් වෙනවා.
ප්‍රේම කරන තෙක් එකිනෙකා ලොකු අමුතු ලෝකයක් මවලා පෙන්වනවා. ඒ ඇත්ත ජිවීතය වෙනස්. දැන් ක්ෂේත්‍රයේ අයත් එහෙමයි. ඒ වෙනස් ලෝකවල ජීවත්වෙලා මහපොළොවට බැස්සාම එකිනෙකාගේ වෙනස් කම් පේන්න ගන්නවා. ඉතින් වෙන් වෙනවා ඒක සාමාන්‍ය දෙයක්. දැක්ක පලියට හිත ගිය පලියට කතාවෙන් ආකර්ෂණය වුණාට විවාහ වෙන්න කලින් හොඳ අවබෝධයකින් ආශ්‍රය කරලා බලන්න ඕනේ. ඔය තියෙන අලවන්තකම හැමදාම තියා ගන්න පුළුවන්ද කියලා බලලා තමයි විවාහ වෙන්න ඕනේ.
 
වර්තමාන සිනමාව ගැන මොකද හිතෙන්නේ?
මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන දේවල් සිනමාවෙන් පෙන්වන්න නරකයි. මිනිස්සුන්ට ප්‍රශ්න ගොඩක් ගෙවල්වල තියෙනවා. ඒ ප්‍රශ්න විසඳගන්න බැරුව ඔළුව නිදහස් කරගන්න ගිහින් ෆිල්ම් එකක් බලනකොට ඒ ෆිල්ම් එකෙත් ප්‍රශ්නයක් නම් මිනිස්සුන්ට එපා වෙනවා. ඒ නිසාමයි මමයි රොයි එකතුවෙලා කොමඩි චිත්‍රපටි ගොඩක් හැදුවේ. ඒකෙන් අපි කළේ මිනිස්සුන්ගේ මනස සුවපත් කරන එක. ඒ කරන අතරතුරදී ගෙදර බුදුන් අම්මා, සුදු පිරුවට, තණ ගිරවි වගේ කලාත්මක චිත්‍ර චිත්‍රපටිත් හැදුවේ.
 
ඒත් ඔබට ඒ තරම් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ?
ඔව් ඒක ඇත්ත. මනුස්සයෙක් ජීවත් වෙලා ඉද්දි ඔහුගේ සේවය අගය කළොත් තමයි තව තවත් දේවල් කරන්න දිරිගන්වන්න පුළුවන්. මැරුණාට පස්සේ ශෝකප්‍රකාශ කරලා ගුණ වර්ණනා කරලා පත්තරවල දේවල් ලිව්වට වැඩක් නෑ.
 
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට මොකද්ද කියන්නේ තියෙන්නේ?
ප්‍රේක්ෂකයන්ට කියන්න කියන්න තියෙන්නෙ මම සිනමාවෙන් සමු අරගෙන නැහැ. මම රඟපාපු චිත්‍රපටි දෙකක් තියෙනවා. කොරෝනා එක්ක චිත්‍රපට පෙන්වන අමාරු කාලයක් මේක. චිත්‍රපටයක් නිෂ්පාදනයට කෙනෙක් කැමති නම් රෝයි ලියපු හොඳ පිටපතක් තියෙනවා. ඒකෙන් චිත්‍රපටියක් හදන්න මම සූදානම්.
 
නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top