Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
07
"තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවා දකින එක තරම් වෙන සතුටක් තියෙනවද..?" - කුළුදුලේ උපන් දරුවාවත් අතට නොගෙන කොරෝනා ඩියුටිය දිගටම කරන උතුරු කොළඹ පී.එච්.අයි

- "තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවා දකින එක තරම් වෙන සතුටක් තියෙනවද..?" - කුළුදුලේ උපන් දරුවාවත් අතට නොගෙන කොරෝනා ඩියුටිය දිගටම කරන උතුරු කොළඹ පී.එච්.අයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views

නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් පුතාව බේබි රූම් දැම්මා..
 
බිරිඳ ගැබිනියක් නිසා ගෙදර යන්න බෑ...
 
මෙරට තුළ ක්ෂේත්‍රගතව රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගණන ආසන්න වශයෙන් තුන්දහසකට ආසන්නය. ඊට අමතරව තවත් පිරිසක් රජයේ විවිධ ආයතනවලට අනුයුක්තව සිය රාජකාරි සිදු කරමින් ඇත. මේ වනවිට රට තුළ උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් වඩාත්ම කාර්යබහුල රාජ්‍ය නිලධාරීන් අතරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද අයත් වන අතර ඔවුන්ගෙන් සිදුවන සේවාව ද ඉමහ්තය. රටක් වසංගතයක ගොදුරක් බවට පත්වීම වැළැක්වීම පිණිස මහත් මෙහෙවරක් සිදුකරන මෙරට සෞඛ්‍ය බළකාය ගත් කල එහි ඉදිරි ආරක්ෂක වළල්ල සමන්විතව පවතින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන්ය.


සාමාන්‍ය සමාජය තුළ බොහෝ දෙනෙක්  පී. එච්. අයි. මහත්වරු ලෙස හඳුන්වන ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව මේ වනවිට ඇතැමෙක් විසින් ‘දෙවිවරුන්’ ලෙස හඳුන්වන තත්ත්වයට පත්ව ඇත. එහි වරදක් ද නැත. ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ රටක් ලෙස මෙරට ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව පවතින්නේ එතරම් උසස් මට්ටමකය. පහත පෙළ ගැසෙන්නේ ක්ෂේත්‍රගත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් එක් අයකුගේ කතාවක්ය. එය මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් බහුතරයක් දෙනා මේ වනවිට අත්විඳිමින් හිඳින රාජකාරි අත්දැකීම් ආදියේ පොදු ප්‍රකාශනයක් බඳුය. මහනුවර හිරියාගම උපත ලබන පැතුම් රත්නායක මහජන සෞඛය පරීක්ෂක තනතුරෙහි පිහිටවනු ලබන්නේ අදින් වසර පහකට පමණ එපිට දිනකය. වසර 1 1/2 ක සාර්ථක පුහුණුවකින් අනතුරුව රාජකාරිය භාර ගන්නා රත්නායක සිය රාජකාරි ආරම්භ කරනු ලබන්නේ කොළඹ මහ නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙසය. ඔහු මේ වනවිට ද කොළඹ මහනගර සභාවට අනුයුක්තව දකුණු කොළඹ දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නිරතය. රාජකාරිය දේවකාරියකොට සලකන රත්නායකට ඒ හේතුවෙන් මුහුණදීමට සිදුවන දුෂ්කරතා බොහෝය. මේ වනවිට රත්නායක පී. සී. ආර්. පරීක්ෂණ 11කට මුහුණදී ඇත. ඒ අතරතුර කොරෝනා ආසාදිතයකු ලෙස රෝහල්ගත වූ අවස්ථා ද ඇත. ඒ අතරතුර මහරගම අපේක්ෂා රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිඳ තම කුළුදුල් දරු උපත පිණිස රෝහල්ගත වන්නීය. එම අසිරිමත් මොහොතේදී පවා රත්නායක ඇය අසල නැත. එදින පමණක් නොව ඊට දින 40කට එපිට සිට මහරගම පිහිටි ඔහුගේ නිවසට නොයන රත්නායක සිය ආදරණීය බිරිඳගේ සුවදුක් විමසනු ලබන්නේ දුරකථන මාර්ගයෙන් පමණය. කලාතුරකින් නිවස වෙත ගිය ද සෞඛ්‍ය හේතූන් මත තමන්ගේ නිවස රත්නායකට තහනම් කලාපයක් බවට පත් වී ඇත.
 
එම දුෂ්කර කාලපරිච්ෙඡ්දය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක  රත්නායකගෙන් අසා දැන ගැනීමට පෙර ඔහුගේ රාජකාරි ජීවිතය පිළිබඳ මනා පරිචයක් සහිත වෛද්‍ය නිලධාරියකු විසින් රත්නායක පිළිබඳව සඳහන් කළ අදහස් කීපයක් මෙහිලා කෙටියෙන් සඳහන් කළ යුතුව ඇත. කොළඹ මහනගර සභා දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසංක රණසිංහ මහතා විසින් තමන් යටතේ රාජකාරි සිදුකරන පැතුම් රත්නායක පිළිබඳව සඳහන් කර සිටින්නේ මේ ආකාරයෙන්ය.
 
 ‘‘කොළඹ උතුර දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කලාප 08 ක් අයත් වෙනවා. මේ කලාප අට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනෙක් යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඇත්තෙන්ම මෙතැන පවතින විශේෂත්වය තමයි කොළඹ මහ නගර සභාව ගත්තොත් වැඩිම ජනගහනයක් ජීවත් වන ප්‍රදේශය බවට පත්වීම. එහි දෙවැනි ස්ථානය හිමිවන්නෙ කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට. නමුත් කොලොන්නාවට වඩා හය ගුණයක ජනගහනයක් කොළඹ උතුර දිසා අංක 1 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් වීම විශේෂත්වයක්. අපේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනා අතරින් කොටහේන බටහිර කලාපය භාරව කටයුතු කරන්නෙ රත්නායක. ඔහු වගේම අනිකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හත් දෙනා කොරෝනා පළමු රැල්ල වෙලාවෙත් ඒ වගේම දෙවැනි රැල්ල ආරම්භ වූ දවසේ පටන් මේ වනතුරුත් මේ ප්‍රදේශය වෙනුවෙන් ඉහළම සේවාවක් ඉටු කරමින් ඉන්නවා.
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වශයෙන් මම හොඳින්ම දන්නවා රාජකාරි කාලවේලාවල් ආදියට සීමා නොවී මේ නිලධාරීන් පිරිස තමන්ගෙ රාජකාරි ඉටු කරමින් ඉන්න බව. එහෙම වටපිටාවක් තුළ තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂක රත්නායකට ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙන්නෙ. එතැනදී මම ඔහුගෙන් දුටුව උසස්ම ලක්ෂණය තමයි සිදුවීම් ආදියෙන් කම්පනයට පත් නොවී දිරියෙන් ඒ සඳහා මුහුණ දීමට ඔහුට පුළුවන් වීම. ඒක අගය කළ යුත්තක්. ඇත්තට ම මේ සිදුවීම් අතරතුර ඔහුව ඇගයීමට ලක් කරනවා.
 
එහි ප්‍රතිඵලයක් ලෙස වැන්ටේජ් ආයතනය විසින් ‘‘ධෛර්ය සම්පන්න ශ්‍රී ලාංකිකයා’’ කියන ගෞරව සම්මානය රත්නායක වෙත ප්‍රදානය කරනවා. ඒකට මූලික හේතුව බවට පත්වෙන්නෙ තමන්ගේ රාජකාරි ජීවිතය හේතුවෙන් මතුවන දුෂ්කරතා කීපයක් මත ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී අවස්ථාවන් කීපයකට මුහුණ දීමට සිදුවීම සහ ඒ සියලූ තත්ත්වයන් විඳ දරා ගනිමින් රට වෙනුවෙන් දිගින් දිගට ම සේවය කිරීමට ඔහුට හැකිවීම. ඊට අමතරව අපේ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගත්තොත් මේ මොහොත කියන්නෙ අන් කවරදාකටත් වඩා මේ ක්ෂේත්‍රය නියෝජනය කරන වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුළු සියලූම දෙනා රට වෙනුවෙන් දිවා ? වෙහෙසෙන කාලපරිච්ෙඡ්දයක් කියලත් මේ වෙලාවෙ සඳහන් කර සිටිනවා.’’
 
 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා මුණගැසීමෙන් අනතුරුව අප ඉදිරියේ පෙනී සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පැතුම් රත්නායක මහතාය. මේ වනවිට එක් දරු පියෙක් වන පැතුම් රත්නායක තම සිඟිති පුත් රුවන සියැසින් දැක ඇත්තේ තුන් වතාවක් පමණය. තම පුතු දෝතට ගෙන සිඹ සැනසීම පිණිස ඔහුට තවමත් අවස්ථාව හිමි වී නැත. ඔහු ඇඟිලි ගනිමින් පසුවන්නේ එම අසිරිමත් දිනය උදාවෙන තෙක්ය. ඒ සඳහා මාරාන්තික කොරෝනා වසංගතයෙන් රට සුවපත් විය යුතුය. එම උතුම් මෙහෙවර පිණිස නිතර වෙහෙසෙන පැතුම් රත්නායක අප හා කතාබහට එක්වූවේ රාජකාරි ජීවිතය අතරතුර ලද මද විවේකී මොහොතකය.
 
 ‘‘රාජකාරි වශයෙන් ගත්තොත් උතුරු කොළඹ කියන්නෙ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වූ ප්‍රදේශයක්. පළමු කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කරන්න අපට පුළුවන්කම ලැබුණත් දෙවැනි රැල්ල ඉතාමත් තදින් මේ ප්‍රදේශයට දැනුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස මේ කලාපයට අයත් ඇතැම් ප්‍රදේශ මාස දෙකකට අධික කාලයක් ලොක්ඩවුන් කරන්න පවා සිද්ධ වුණා. එතැනදී කොළඹ මහ නගර සභාවෙ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා, නියෝජ්‍ය සෞඛය වෛද්‍ය නිලධාරිතුමන්ලා ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. ඒ වගේම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් ඇතුළු මහජන සෞඛය පරීක්ෂකවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය මේ තත්ත්වය පාලනය කිරීම පිණිස ලොකු වෙහෙසක් ගත්තා. එහෙම වටපිටාවක් තුළ තමයි මා ඇතුළු රාජකාරි සිද්ධ කරමින් හිටියෙ. පළමු රැල්ල වෙලාවෙදී මගේ P.C.R. දෙකක් කළා. ඒකට හේතුව තමයි අපේ කාර්ය මණ්ඩලයේ එක් අයෙක් කොරෝනා ආසාදිතයකු බවට පත්වීම. ඔහුගේ පළමුපෙළ ආශ්‍රිතයෙක් විදිහට තමයි මම පරීක්ෂණයට ලක් වෙන්නෙ. ඊට පස්සෙ තවත් මාසයක් විතර යද්දී මම නැවතත් P.C.R. පරීක්ෂණ දෙකකට මුහුණ දුන්නා. ඒ වෙද්දී මගේ බිරිඳ ගැබිනියක්. සෞඛය උපදෙස්වලට අනුව මට නිරෝධායනය වෙන්න සිද්ධ වෙනවා.
 
බිරිඳ ගැබිනියක් නිසා ගෙදර යන්න බෑ. ඇයට අවශ්‍ය දේ අරන් ගෙදර ගේට්ටුව ළඟට ගිහින් ඇයත් එක්ක කතා කරලා නැවත රාජකාරි ස්ථානයට එනවා. එහෙම කාලය ගත වෙමින් තිබෙන වෙලාවක තමයි දරු ප්‍රසුතිය පිණිස බිරිඳව රෝහල්ගත කරන්නෙ. ඒ වෙද්දී මේ ප්‍රදේශය පමණක් නොවෙයි රටම බරපතළ අවදානමක පැවැති මොහොතක් නොවැම්බර් මාසෙ 09 වැනිදා තමයි පුතා උපදින්නෙ. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවා දකින එක තරම් වෙන සතුටක් තියෙනවද? නමුත් මට ඒ අවස්ථාවත් අහිමි වෙනවා. එහෙමත් වුණා කියමුකෝ. දරුවා ඉපදුණාට පස්සෙ මට දැන ගන්න ලැබෙනවා නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් පුතාව බේබි රූම් දැම්මා කියලා. එදා මම මානසිකව ලොකු පීඩාවක් වින්ද දවසක්. බිරිඳව දරුව ව දකින්න නැතුව හිටියත් ඒ පුවත දැනගත්තට පස්සෙ මම රහසින් අඬපු අවස්ථා ගණනාවක් තිබුණා. එතැනදී මගේ පිහිටට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සසංක රණසිංහ මහත්තයා නිරතුරුව පෙනී සිටියා. එතුමගෙ හිතවත් වෛද්‍යවරුන්ට කියල දරුවගේ අසනීපය හොඳ කරන්න ගන්න පුළුවන් සෑම පියවරක්ම ගත්තා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගන්න මුදල් පවා ඒ අය ලබා දුන්නා.’’
 
 එවැනි වටපිටාවක් තුළ පවා සිය රාජකාරිය අකුරට ඉටු කරමින් සිටි පැතුම් රත්නායක නැවත වතාවක් P.C.R. පරීක්ෂණයකට යොමු වන අතර එහිදී වෛද්‍ය වාර්තා විසින් සනාථ කර සිටින්නේ ඔහුට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවටය. ඒ අනුව ඔහුට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවී ඇත. හත්වැනි  වරට ද කරන ලද P.C.R. පරීක්ෂණයෙන් රත්නායක කොරෝනා වෛරසයේ  ගොදුරක් බව හඳුනාගැනීමෙන් අනතුරුව තම කුළුදුල් පුත් රුවන සියැසිස් දැක ගැනීමේ හීනය නැවතත් ඔහුගෙන් පළා ගොස් ඇත.
 
 ‘‘බිරිඳගේ සුව දුක් විමසන්න පුතා ළඟ එක මොහොතක් හරි ගැවසෙන්න මටත් ලොකු ආශාවක් තිබුණා. ඒත් ඒ අය ගැනත් රෝහලේ නේවාසිකව ඉන්න අනිකුත් අම්මල, දරුවෝ ගැනත් හිතල මම දිග්නි දිගටම හිත හදාගත්තා.
 
 හැබැයි මට ලොකු විශ්වාසයක් තිබුණ පුතාට කරදරයක් වෙන්නෙ නෑ කියල. මොකද ඒ වන විට මම විශාල පිරිසකට හදවතින්ම කැපවෙලා රාජකාරි මට්ටමින් ලොකු සේවයක් කරල තිබුණ. ඒ හින්ද මගේ දරුවටවත් අපටවත් කරදරයක් වෙන එකක් නෑ කියන විශ්වාසය තිබුණ.
 
 මේ වන විට ඔහුගේ විශ්වාසය සැබෑවක් බවට පත්ව ඇත. රෝගී තත්ත්වයක් යටතේ මෙලොව දිනන ඔහුගේ පුත්රුවන මේ වන විට නිරෝගී සුව අත්විඳිමින්ය. රත්නායකගේ සිත තුළ මේ වන විට දලූලමින් පවතින ලොකුම අපේක්‍ෂාව බවට පත්ව ඇත්තේ පුතු අසල නිදහසේ ගැවසීමය. තුරුලට ගෙන සිප වැලඳ ගැනීමය. තවමත් රටක් සුවපත් කරවීම පිණිස නිරන්තර වෙහෙසක යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක බළකායේ එක් සාමාජිකයෙක් වන පැතුම් රත්නායකගේ ‘පැතුම්’ නුදුරේ දිනක ඉටුවනු දැකීම අපගේ ද අපේක්‍ෂාව බවට පත්ව ඇත.
 
 * රුවන් ජයවර්ධන
 සිරිමන්ත රත්නසේකර
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top