Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
07
"ක්‍රිකට් කියන්නේ ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් මේ ක්‍රීඩාව මුදල් නැතිව කරන්න බැහැ.." - ලෝකයේ මුල්ම නිවුන් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්

- "ක්‍රිකට් කියන්නේ ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් මේ ක්‍රීඩාව මුදල් නැතිව කරන්න බැහැ.." - ලෝකයේ මුල්ම නිවුන් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නවමු පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකා නිවුන් සංගමය ලොව පළමු නිවුන් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පිහිටුවීමට පසුගියදා පළමු පියවර තැබීය.
 
ලොව බොහෝ රටවල් තම ජනප්‍රිය ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නම් කළද, ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් කණ්ඩායමක් තම රට වෙනුවෙන් නියෝජනය කළද, මෙතෙක් කිසිදු රටක් නිවුන් සහෝදරයන් එක්කර “නිවුන් ක්‍රිකට් කණ්ඩායමක්” බිහි කර නැත. මෙවැනි වාතාවරණයක් මුළු ලොව තුළ පැවතෙද්දී ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුලි ගමගේ සහ චමලි ගමගේ ඇතුළු නිවුන් සංගමය “නිවුන් ක්‍රිකට් කණ්ඩායමක්” ශ්‍රී ලංකාවේ බිහිකිරීම සඳහා අවධානය යොමු කළහ. මෙම සංකල්පය අද වන විට ලෝක වාර්තාවක් වී හමාරය.
 
“ලෝකයේ රටවල් අතර ක්‍රිකට් කණ්ඩායම් බිහිවී තිබුණත් කවමදාකවත් නිවුන්නුන්ගේ ක්‍රිකට් කණ්ඩායමක් හැදිලා තිබුණේ නැහැ. මේ නිසා මේ සංකල්පය ලෝක වාර්තාවක් වෙනවා. මේ අනුව අප නිවුන් සංගමයේ වෑයම වන්නේ මේක මුළු ලෝකයම හඳුනාගෙන මුළු රටේම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් බිහි කර ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නයි. ඒක හිතන තරම් ලේසි නැහැ.” යැයි ශ්‍රී ලංකා නිවුන් සංගමයේ සභාපති උපුලි ගමගේ දේශයට අදහස් දක්වමින් පැවසීය.


මෙම සංකල්පය ඔවුන් තුළ ඇතිවී ඇත්තේ මීට වසරකට පමණ පෙරදීය. 2020 වසරේ මාර්තු මස 16 වැනි දින මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මගින් තම අදහස ප්‍රකාශයට පත් කර තිබිණි. වසරකට ආසන්න කාලයක් දැඩි කැපවීමත්, පරිශ්‍රමයක් දරා මෙම නිවුන් ක්‍රිකට් සංවිධානය කොට පුහුණුවීම් සිදු කෙරිණි. මේ සඳහා දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ මගපෙන්වීම යටතේ Colombo cricket club (CCC) ක්‍රීඩාංගණයේදී පුහුණුව සඳහා පහසුකම් සලසාගෙන ඇත. මේ අනුව මේ වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයන්හි ශ්‍රී ලංකා නිවුන් සංගමයේ දායකත්වයෙන් ජාත්‍යන්තර නිවුන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද සැලසුම් කොට තිබේ. ජාත්‍යන්තරය හා ගැටිය හැකි දක්ෂ නිවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් බිහිකර ඇතැයි ශ්‍රී ලංකා නිවුන් සංවිධානය කියයි. මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් රටවල්වලින් මෙරටට නිවුන් ක්‍රිකට් කණ්ඩායම් ගෙන්වීම මොවුන්ගේ අරමුණ වී තිබේ.
 
මේ වන විට ශ්‍රී ලංකා නිවුන් සංවිධානය මගින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් දෙකක් නිර්මාණය කර ඇත. මේ දිනවලදී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ මේ කණ්ඩායම් දෙක පුහුණුවීම්වල නිරත වනු දැකිය හැක.
 
“මේ කටයුතු ශ්‍රී ලංකා නිවුන් සංවිධානයට පමණක් තනිවම කරන්න අමාරුයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල මැදිහත්වීමක් විය යුතු වෙනවා. ක්‍රිකට් කියන්නේ ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක්. නමුත් මේ ක්‍රීඩාව මුදල් නැතිව කරන්න බැහැ. ඒ නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශවල අනුග්‍රාහයක් දායකත්වයක් තිබිය යුතුයි. ඒ හැමදෙනාගේම එකතුවෙන් ලංකාවේ නම ක්‍රිකට් හරහා නැවත වතාවක් ලෝකයට ගෙන යන්න හැකියාව ලැබේවි.” ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ සභාපතිනි උපුලි ගමගේ වැඩිදුරටත් පැවසුවාය.
 
මෙම කණ්ඩායම් දෙකෙහිම නිරතව සිටින ක්‍රීඩකයන් සියල්ලෝම සම නිවුන්නු වෙති. ඔවුන් අතරේ නිවුන්, තුන් නිවුන් සහෝදරයෝද ක්‍රීඩා කරති. පාසල් මට්ටමින්, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල හරහා ඔවුන් මින් පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව යම් දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෝ වෙති. ක්‍රීඩාවේ තිබිය යුතු හැකියාව, ජවය සහ පළපුරුද්ද මොවුන් සතුව පවතී.
 
කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් දෙකෙහිම ක්‍රිකට් ක්‍රීඩකයන් 60ක් පුහුණුවීම්වල නිරතව සිටිති. කනිෂ්ඨ කණ්ඩායම සඳහා අවුරුදු 12ත් 16ත් අතර ක්‍රීඩකයන් සම්බන්ධ කරගෙන ඇති අතර ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සඳහා වයස අවුරුදු 17 සිට 28 දක්වා ක්‍රිකට් ක්‍රීඩකයෝ මේ කණ්ඩායම්වලට බඳවාගෙන සිටිති.
 
“මේ වන විට ක්‍රීඩකයන් හරිම කැමැත්තෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දරුවන් වගේම දරුවන්ගේ දෙමව්පියන්ද මේ කටයුත්ත ගැන ගොඩක් සතුටුයි. කොහොමත් නිවුන් දරුවන් කියන්නේ එකමුතුකමෙන් ඉන්න දරුවෝ. කෙනකුගේ දුක දැනෙන, කෙනකුගේ සතුට දැනෙන මේ දරුවන් එකතුමුතුකමෙන් ක්‍රීඩාවේ නියැලෙන්නත් දක්ෂයි. අපේ නිවුන් සංවිධානයේ මේ වන විට සාමාජිකයන් බොහොමයක් ඉන්නවා. ඒ අයගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම දක්ෂ පිරිසක් තමයි අපි මේ සම්බන්ධ කරගෙන ඉන්නේ. තවත් දරුවන් පිරිසක් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉදිරියේදී ඒ දරුවන්ටත් මේ පුහුණුවීම් ලබා දෙන්නත් අපි අදහස් කරනවා.” යැයි උපුලි ගමගේ කියයි.
 
මෙම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන්ගෙන් වැඩි දෙනකු කොළඹින් පිට පළාත්වල පදිංචිකරුවෝ වෙති. තිස්සමහාරාමය, කෑගල්ල, මාතලේ, අගුණුකොළපැලැස්ස, නුවර, දෙණියාය වැනි දුරබැහැර ප්‍රදේශවලින්ද මෙම ක්‍රීඩකයෝ පුහුණුවීම් සඳහා සෑම සති අන්තයකම කොළඹට පැමිණෙති. බොහෝ විට මොවුන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා පැමිණෙන්නේ සිකුරාදා දිනයන්හිය.
 
“මේ බොහෝ ක්‍රීඩකයන් ඉන්නේ කොළඹින් පිටයි. සිකුරාදාට කොළඹට එන ඒ දරැවන් සිකුරාදා කොහේ හෝ තැනක නතරවෙලා සෙනසුරාදා සහ ඉරිදා පුහුණුවීම්වල නිරතවෙලා ආයෙත් ගම්වලට යනවා. මේ කටයුත්ත අපි බොහොම අමාරුවෙන් කරගෙන යනවා. ඒ දරුවන්ට කෑම බීම අපි ලබා දෙනවා. ඊට අමතරව මේ දුරබැහැර දරුවන්ට අපේ ගෙවල්වල, කොළඹ දරුවන්ගේ ගෙවල්වල තමයි තාවකාලික නවාතැන් පහසුකම් පවා ලබා දෙන්නේ. ඒක හරි දුෂ්කර කටයුත්තක්. මේ දරුවන් ගැන අපි වගකියන්න ඕනෙ. ඒ දරුවෝ ඒ දවස්වලට කොළඹට එන්නේ මේ පුහුණුවීම් වෙනුවෙන්. ඒ නිසා හැම මොහොතකම අපි කණ්ඩායම්වල දරුවන් ගැන හොයලා බලනවා. සමහර දරුවන් පාන්දර හතරට විතර කොළඹ, පිටකොටුවට ඇවිත් උදේ හය හත වෙනතුරු පිටකොටුවේ බස් හෝල්ට්වල තමයි ඉන්නේ. සමහර දරුවන් මේ පුහුණුවීම්වලට එන්නේ කුසගින්නේ. ඒ නිසා මේ කටයුත්ත සාර්ථක කරගන්න නම් හොඳ ක්‍රමවේදයක් වගේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල මැදිහත්වීමක් අවශ්‍යම වෙනවා. මේ කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා ඉන්නේ හරි දක්ෂ දරුවොයි.” යැයි ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ මහින්ද හෙට්ටිආරච්චි දේශයට පැවසීය.
 
මේ වන විටත් සිම්බාබ්වේ, නයිජීරියාව හා කෙන්යාව වැනි රටවල්වලින් ශ්‍රී ලංකා නිවුන් ක්‍රිකට් කණ්ඩායමට ඇරයුම් ලැබී ඇති බවත් මේ වසරේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට අදහස් කරන බවත් ශ්‍රී ලංකා නිවුන් සංවිධානය වැඩිදුරටත් පවසයි.
 
දිශානි ජයමාලි කරුණාරත්න


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top