මේ අතර, අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 182ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 84,792 දක්වා ඉහළ ගියා.
යුනිසෙෆ් ආයතනය කොවැක්ස් පහසුකම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට සැලසුම් කර ඇති සමස්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය මිලියන 1.44ක්.
ඉන් මාත්‍රා දෙලක්ෂ 64,000ක තොගයක් ලබන ඉරිදා මෙරටට ලැබීමට නියමිතයි.
එම එන්නත් කොවිඩ් වසංගතයෙන් වැඩි අවදානම් සහිත ප්‍ර දේශවල ජීවත්වන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහනක් නිරීක්ෂණයට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එක්වුණා.
කොවිඩ් එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබානොදෙන ලෙසට රසායනාගාර වෘත්තියවේදී සංගමය ඉල්ලා සිටිනවා.
මේ අතර දකුණු ආසියානු රටවල ජනතාවට සමානව හා ආරක්ෂාකාරීව එන්නත් ලබාදීම සම්බන්ධව ෆේස්බුක් ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වූ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලලිත් වීරතුංග මහතා ශ්‍රී ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය පිළිබද අදහස් දැක්වූවා.
මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ නියෝජිතයින් ඇස්ට්‍රසෙනිකා එන්නත නිපදවන සීරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූර්ණවලා ඇතුළු පිරිසක්ද එක්වුණා.
ජනතාවට එන්නත් ලබාදීමේ රජයේ උත්සාහයට පෞද්ගලික අංශයත් දායකත්වය දක්වන්න කැමත්තෙන් පසුවන බව පවසා තිබෙනවා. නමුත් සෑම පුරවැසියෙකුටම නොමිලේ එන්නත ලබාදීම ශ්‍රි ලංකාවේ ප්‍රතිපත්තියයි.
ගෙවුණු දිනය තුළ දිස්ත්‍රික්ක 21 කින් කොවිඩ් ආසාදිතයින් 384 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 33 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්.
ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 78ක්.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් ලෙසද වාර්තා වුණා.
ගෙවුණු දිනය තුළ කොවිඩ් මරණ 05ක් අලුතින් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 489ක් ලෙසයි.
කොවිඩ් වෛරස ව්‍යාප්තියේ අවදානමක් හේතුවෙන් බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව අද වසා දැමුණා.
ඒ එම වාට්ටුවේ වෛද්‍යවරයෙක්, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්, රෝගීන් හා රෝගීන් බලාගැනීමට සිටි පිරිසක් ඇතුළු 33 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි.
මේ අතර, හෘදයාබාධයක් වැළඳීමෙන් කොළඹ ජාතික රෝහලේදී පසුගිය 2 වැනිදා මියගිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ දේහය කොවිඩ් පරීක්ෂණ සඳහා දින කිහිපයක් රෝහලේ තැන්පත් කර තිබූ අතර, දේහය මෘත ශරීරාගාරයේ ශීත කාමරයක තැන්පත් කර නොතිබීම පිළිබඳව ඥාතීන්ගේ විරෝධය පළවුණා.
මේ අතර කොවිඩ් 19 මරණ වැඩි වශයෙන් සිදුවී ඇත්තේ තරබාරු පුද්ගලයන් වැඩිපුර සිටින රටවල බවට අමෙරිකානු ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් සිදුකළ අධය්‍යයකින් අනාවරණය කරගෙන තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් වැඩිහිටි ජනගහනයෙන් සියයට 50 ක් පමණ තරබාරු මිනිසුන් සිටින රටවල කොවිඩ් මරණ අනුපාතය 10 ගුණයකින් ඉහළ බවයි.
මේ දක්වා කොවිඩ් වසංගතයෙන් මිය ගිය මිලියන 2.5ක්වන පිරිසෙන් 90%ක් පමණ ස්ථුලතාවයෙන් පෙළෙන රටවලින් වාර්තා වූ බව එහි වැඩිදුරටත් සඳහන්.
VIDEO