"අක්කත් අනියම් පෙම නිසා සිය දිවි හානි කරගෙන.."
තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියට සියදිවි හානිකර ගත් උප පොලිස්පරීක්ෂකවරයා සහ එම තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
කොළඹ වේල්ල විථිය ප්‍රදේශයේ ගමන් බෑගයකින් හමුවූ ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස සොයා අද දිනයේදීත් කැළණි ගඟ දෙපස විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
පොලිස් නාවික කොට්ඨාශයේ නිලධාරින් විසින් ඊයේ දහවල් මෝදර සිට හංවැල්ල දක්වා කැළණි ගඟේ ඉවුරුවල මෙම සෝදිසි කිරීම සිදුකළා.
මේ අතර, සියදිවි හානි කර ගත් උප පොලිස් පරික්ෂකවරයාගේ වැඩිමහල් සොහොයුරියද මීට වසරකට පමණ ඉහතදී සියදිවි හානිකරගෙන ඇත්තේ අනියම් සබඳතාවයක් හේතුවෙන්.
ඇයද උප පොලිස් පරීක්ෂකවරයා සියදිවි හානිකරගත් ඉඩමේම සියදිවි හානිකරගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, උප පොලිස් පරීක්ෂකවරයා විසින් ඝාතනය කරන ලද තරුණිය ඔහුගේ නිවසට අවස්ථා කිහිපයකදී පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ තරුණිය පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳද දැනුවත්ව සිට ඇති බවයි පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.