අමෙරිකානු හමුදා සිරියාවේ ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ඉරානයේ සහය ලබන කැරලිකාර කණ්ඩායම් මෙහිදී ඉලක්ක කරගෙන ඇති අතර, පසුගිය සති දෙක තුළ කලාපයේ අමෙරිකානු හමුදා වෙත ඔවුන් රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.
නව ජනපති ජෝ බයිඩ්න්ගේ අණින් ක්‍රියාත්මක වූ ප්‍රථම අමෙරිකානු සන්නද්ධ ප්‍රහාරය මෙයයි.
ඉරාකයේ අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙන්ම, ඉදිරියේදී එල්ල විය හැකි එවැනි ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම, එය බයිඩ්න් පරිපාලනය විසින් ඉරානයට සිදුකළ අනතුරු ඇඟවීමක් ලෙසද සැලකෙනවා.