කණ්ඩායම නික්මීමට පැය කිහිපයකට පෙර වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් සිය තනතුරෙන් ඉවත්වීම මතභේදාත්මක කරුණක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චමින්ද වාස් සිය දීමනාව පිළිබඳව මතභේදයක් හේතුවෙන් එලෙස ඉල්ලා අස් වී ඇති බවයි.
කෙසේ නමුත්, පසුව ට්වීටර් සටහනක් නිකුත් කරමින් චමින්ද වාස් කියා සිටියේ තමා කාරුණික ඉල්ලීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කළද, එය ප්‍රතික්ෂේප කෙරුණු බවයි.
එමෙන්ම, යුක්තිය ජයගනු ඇතැයි ඔහු සිය ට්වීටර් පණිවුඩයෙන් ප්‍රාර්ථනාවක්ද කළා.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි චමින්ද වාස්, තමාට පෙර ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන පුහුණුකරු වූ ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සේකර්ට ලබාදුන් දීමනාව ඉල්ලා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ චමින්ද වාස්ට ඔහුට ලබාදුන් එම දීමනාව ලබාදිය නොහැකි බවයි.
