Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
17
“ඔයා අර කොළේ දිව්‍යලෝකෙටම අරන් ගියා නේ? සුබ ගමන් පුංචි බව්වෝ!” - Memes-වලින් කාගෙත් ආදරය දිනාගත්, පසුගිය දවසක සමුගෙන ගිය පුංචි බලු පැටවාගේ, අපි කවුරුත් නොදැන හිටපු සංවේදී කතාව - Photos

- “ඔයා අර කොළේ දිව්‍යලෝකෙටම අරන් ගියා නේ? සුබ ගමන් පුංචි බව්වෝ!” - Memes-වලින් කාගෙත් ආදරය දිනාගත්, පසුගිය දවසක සමුගෙන ගිය පුංචි බලු පැටවාගේ, අපි කවුරුත් නොදැන හිටපු සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
“අපි එයාගෙ පින්තූර බලල සතුටු වුණාට වඩා ලොකු දෙයක් අපට හිතන්න තියනවා.
අපි ජෙන්ව මතක තියාගන්නෙ මෙහෙමයි !”
 
මේ පින්තූරවල ඉන්න පුංචි බලු පැටියාව ඔබත් බුකියේ එහා මෙහා යනකොට අනිවාර්යෙන්ම දැකලා ඇති. මේ පුංචි එකාගේ ඇත්තම නම genthecorgi.
 
Memes වලින් ලොව පුරා කාගෙත් ආදරය දිනාගත්ත මේ පුංචි සුරතලා පෙබරවාරි මාසේ 14 වැනිදා මේ ලෝකෙන් සමුගන්නවා.

එතකොට මේ සුරතලාට අවුරුදු පහයි. සුරතලාව අයිති ජපන් හිමිකරු චියෝමරු විසින් සිය සමාජ ගිණුම් හරහා මේ ගැන තහවුරු කරලා තියෙනවා කියලයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
 
මේ තියෙන්නේ Anuradha Thimbiriyagama විසින් මේ පුංචි බලු පැටවා ගැන ලියපු සංවේදී සටහනක්...
 
සුබ ගමන් පුංචි ජෙන්!
ලෝකෙ විවිධාකර මිනිස්සු ඉන්නවා, ඒ වගේම සත්තුත් ඉන්නවා. මිනිස්සු වගේම සත්තුත් විවිධ ආබාධ සහිතව ඉපදෙනවා, ලෙඩ වෙනවා, අනතුරුවලට ලක් වෙනවා. අපි දකිනව එහෙම වුණාම මිනිස්සු තම තමන්ගෙ අය වෙනුවෙන් ගොඩක් දුක් විඳිනවා. ඒ ආබාධ සහිත කෙනා, අනතුරට ලක් වුණ කෙනා, රෝගී වුණ කෙනා, සුව කරගන්න ලොකු වෙහෙසක් දරනවා. ඒත් සමහර ආබාධිත දරුවන්ව දෙමව්පියොත් අත් ඇරල යනවා. ඒගොල්ලන්ව judge කරන්න ඕන නෑ. ඒත් බහුතරයක් දෙමව්පියො තමන්ගෙ දරුවන්ව එහෙම අත් අරින්නෙ නෑ. හැබැයි දරුවන්ව වගේ, වයසට ගිය දෙමව්පියන්ව වගේ, එහෙමත් නැත්තම් බරපතල රෝගයකට ආබාධයකට ගොදුරු වුණ පවුලෙ කෙනෙක්ව වගේ, සතෙක්ව ආදරෙන් බලාගන්න මිනිස්සු හරි අඩුයි. ඕන තරම් පාරවල්වල ඉන්නව ආබාධිත සත්තු, රෝගී සත්තු, කවුරුවත් උදවු කරන්න, හදාගන්න, ඉදිරිපත් නොවෙන. ඒ වගේම ගෙදරක හදන සතෙකුට පැටවු හම්බුණාම පාරට අතෑරල දාන මිනිස්සු. ඒ කවුරුවත් ඒ සත්තු දිහා තමන්ගෙ දරුවෙක් විධියට බලන්නැහැ. කන්න හොයාගන ආවත් රෝගී, ආබාධිත සතෙක් නම් එලවල දාන සම්භාවිතාව වැඩියි. හැබැයි මේ තියෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් මිනිස්සු ගැන උදාහරණයක්.
මේ පින්තූරවල ඉන්නෙ ලෝක ප්රසිද්ධ බව්වා, ජෙන්. අපි හැමෝම මෙයාව මීම්ස්වල දැකල තියනවා. ජපානෙ හිටපු මෙයා ගිය අවුරුද්දෙ තමයි ලෝකෙම ජනප්රිය චරිතයක් වුණේ. ඒ එයාගෙ අමුතුම හුරතල් facial expressions නිසා. ඒ විශේෂත්වයට හේතුව තමයි මෙයාට උපතින් ආව, සුව කළ නොහැකි ආබාධ. අපි හැමෝම දැක්කෙ මේ බව් පැටිය සතුටින් ඉන්න හැටි, සෙල්ලම් කරන හැටි විතරයි. ඒත් මේ හුරතලා වගේම එයාගෙ හිමි කරුවො මොන තරම් අසීරු, සංකීර්ණ ජීවිතයක්ද ගත කළේ කියල අපි ගොඩ දෙනෙක් දන්නෙ නෑ.
ජෙන් ඉපදෙන්නෙ hereditary chronic renal failure එකක් එක්ක. ඒ කියන්නෙ වකුගඩු අකර්මන්යතාවක්. මේ නිසා තව conditions ගොඩක් එයාට ඇති වෙනවා.
Polyuria (අධිමුත්රතාව), ඒ කියන්නෙ මෙයාට නිතරම චූ දාන්න ඕනෙ
Polydipsia (බහුතෘෂාව), ඒ කියන්නෙ හැමතිස්සෙම වතුර තිබහත් එනව
Anaemia (රක්තහීනතාව), ඒ කියන්නෙ රතු රුධිරාණු නැත්තම් හිමොග්ලොබින් අඩුයි. එතකොට හුස්ම ගන්න එකත් ශරීරයට ආයාසකරයි
Malaise ඒ කියන්නෙ අසහනය. මේ තරම් අමාරුකම් තියන ශරීරෙකට සහනයක් දැනෙන්න බෑ කියන එක පුදුමයක් නෙවෙයි
High blood pressure මේක නම් හැමෝම දන්නවනේ? වකුගඩු ප්රශ්නෙ නිසා මෙහෙම වෙලා තියෙන්නෙ
ඊට අමතරව convulsive seizures, ඒ කියන්නෙ අපස්මාරය
Malignant lymphoma (වසා ගැටිතිවල අහිතකර වර්ධනයක්)
Tumours ඒ කියන්නෙ පටකවල අසාමාන්ය වර්ධන (අපි ගෙඩි කියල කියන්නෙ)
ඒ වගේම Prostatic hyperplasia (පුරස්ථික පිළිකා වර්ධනයක්)
මෙච්චර ආබාධ ලැයිස්තුවක් තිබුණත්, ජෙන් කියන්නෙ මිනිස්සුන්ට හරිම හිතවත්ව හිටපු, කෙළිලොල් බව්වෙක්. කොහොමද ඒ? ඒ වෙන කාටවත් නෙවෙයි, එයාව හදාගත්ත මිනිස්සුන්ට පින් සිද්ධවෙන්න. ඒක ලේසි වැඩක් නෙවේ, සෑහෙන වියදමක් වගේම කැප කිරීමක් මේ පැටිය වෙනුවෙන් ඒගොල්ලො දරල තියනවා. ක්ලිනික් ගෙනියන්න ඕනෙ, සතියකට තුන් පාරක් dialysis කරන්න ඕනෙ, මාසෙකට blood test එකයි echo test එකටයි අමතරව injections හතරකුයි බෙහෙත් වර්ග හයකට වැඩිය දෙන්න ඕනෙ. ඒ වගේම වකුගඩුවට සුදුසු විශේෂ diet plan එකක්, වර්ණක රසකාරක නැති අමතර ආහාර, මේ හැමදේම ගොඩක් පරිස්සමින් කරපු නිසා තමයි ජෙන් අවුරුදු 5ක් මේ අමාරුකම් තියාගනත් සතුටින් ජීවත් වුණේ.
අපි එයාගෙ පින්තූර බලල සතුටු වුණාට වඩා ලොකු දෙයක් අපට හිතන්න තියනවා. අපේ ජීවිතත් මේ වගේ. අපි ආදරය කරන අයට මාරාන්තික ලෙඩක් හැදුණම, හුරතලෙකුට ආබාධයක් හැදුණම, අනේ අපොයි කියල අතෑරල දාන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ. සමහරවිට ඒ අත්හැරීම ගෙදරින් එළියට දැමීමක් නෙවෙයි. ඒත් ඒ කෙනාව තමන්ගෙ හෙට දවසින්, හිතින් අත් හැරීමක් වෙනවා. "අනේ එයා මැරෙන්නයි යන්නෙ, ටික කාලයයි ජීවත් වෙන්නෙ, දැන් ඉතින් දුක් විඳින්නයි වෙන්නෙ, අපටත් දුකයි, ජීවිතේ කියන්නෙම දුකක්," ඔන්න ඔය වගේ නොයෙක් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. හිතාමතා කරන වැරැද්දක් නොවුණත් මේක ලොකු වැරැද්දක්. කවුරුවත් දන්නෙ නෑ තමන්ට ජීවත් වෙන්න ලැබෙන කාලය. ජීවිතේ මනින්න ඕන අවුරුදුවලින් නෙවෙයි, මොහොතවල්වලින්. දුකම හිත හිත මරණයට ලෑස්ති වෙවී ගොඩාක් කල් ඉන්නවට වඩා, සතුටින් ටික කලක් ඉඳල සතුටින් මිය යන එක වටිනවා.
ඊයෙ ජෙන් අවසන් ගමන යනකොට එයාගෙ වයස අවුරුදු 5යි. බව්වෙකුගෙ ආයු කාලයට සාපේක්ෂව ඒක කෙටියි. ඒත් ඒ වගේ දෙතුන් ගුණයක් ජීවත් වුණ ගොඩක් බව්වන්ට වඩා එයා තමන්ගෙ කෙටි ජීවිත කාලෙ සතුටින් හිටියා, හැම දවසකම ආදරේ වින්දා. ජෙන්ට එයාගෙ හිමිකරුවො දුන්න ඒ ප්රීතිමත් ජීවිතය අපටත් අපි ආදරේ කරන අයට දෙන්න බැරි නැහැ, ඒ ආදරේ කරන කෙනාගෙ පාද සංඛ්යාව ඒකට අදාළත් නැහැ.
මේ පින්තූර ටිකේ අන්තිමට තියෙන්නෙ, "අපි ජෙන්ව මතක තියාගන්නෙ මෙහෙමයි" කියල ජෙන්ගෙ පවුලෙ අය අන්තිමට ඉන්ස්ටග්රෑම් එකට එකතු කරපු ඡායාරූපය. මේ සටහනත්, ජෙන්ගෙ හිමිකාර චිකොමාරු පවුලෙ අය ඔහු ගැන සටහන් කරල තිබුණ අන්තිම වැකියෙන් ඉවර කරන්නම්;
"ඔහු මේ ලෝකෙට එනකොට දිගම ජීවිතය අරගන එන්න නැතුව ඇති, ඒත් ඔහු පිරිපුන්ම ජීවිතය ගෙව්වා."
ඔයා අර කොළේ දිව්යලෝකෙටම අරන් ගියා නේ? සුබ ගමන් පුංචි බව්වෝ! ලෝකෙම ඔයාට ආදරෙන්!
~අනූ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top