පී. සී. ආර්. පරීක්‍ෂණවලට විරුද්ධව තුන්වරක් ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ 9 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී එක් කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කෝවිඞ් 19 වෛරසයට ගොදුරුව තෙල්දෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 51 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙම ප්‍රදේශය තුළ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථා 3 කදී උත්සාහ ගෙන ඇතත් ඒ සෑම වරකම එම ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා තිබෙනවා. කෙසේ හෝ කොටසකට සිදු කළ පරීක්‍ෂණවලදී ඉන් 8 දෙනෙකු ආසාදිතයන් බව තහවුරු වී ඇති අතර ඉන්පසු 15 දා ඉතිරි අයටද පී. සී. ආර්. පරීක්‍ෂණ කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.