Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
"බබාල ලැබුණම තවත් සුන්දරයි කියල බොහෝ දෙනෙක් කිව්වට ඒක ඒ කියන තරම් සුන්දර දෙයක් නෙවෙයි.." - තීක්ෂණ අනුරාධ

- "බබාල ලැබුණම තවත් සුන්දරයි කියල බොහෝ දෙනෙක් කිව්වට ඒක ඒ කියන තරම් සුන්දර දෙයක් නෙවෙයි.." - තීක්ෂණ අනුරාධHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

හොඳින් ඉන්නවා. බබාල දෙන්න නිසා වැඩිපුර එළියට යන්නේ නැහැ. ස්ටූඩියෝ එකත් ගෙදරම තියෙන නිසා සංගීත කටයුතු කරන්නත් පහසුයි.
 
මෑතකදී වීඩියෝ එකකුත් එක්ක දඟකාරියේ කියල ගීතයක් කළා. ඒක බොහොම ළඟකදී එළිදක්වනවා. තව අවසන් කරපු නිර්මාණ කිහිපයක් සහ මම සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායකත්වය ලබා දුන් මේනක රාජපක්‍ෂ අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නාට්‍යයකුත් විකාශය වෙන්න නියමිතයි.


බොහෝ දෙනෙක් කියනව ආදරේ කරනකොට එක විදිහක්, බැන්දම තවත් විදිහක් කියල. මේක ඇත්තක්ද?
මෙහෙමයි ඉතින්. අපි දෙන්න නම් හැමදාම වගේ අදටත් යාළුවො වගේ වැඩ කරන්නෙ. විවාහ ජීවිතේ අතිශය සුන්දරයි. බබාල ලැබුණම තවත් සුන්දරයි කියල බොහෝ දෙනෙක් කිව්වට ඒක ඒ කියන තරම් සුන්දර දෙයක් නෙවෙයි. වගකීම් ගොඩක එකතුවක්. සුන්දරයි කියල හිතාගෙන විවාහ වෙන අයට ජීවිතේ එපා වෙන්නෙම තමන්ගේ වගකීම් හඳුනා ගන්නේ නැතිකම නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක් නිසා දරුවෝ සහ බිරිය එක්ක හැමදාම සතුටින් ඉන්න මට පුළුවන්.
 
ඇත්තටම කෙනෙක්ට සතුටින් ඉන්න මොනවද ඕන?
ඒක ඇත්තටම එකිනෙකා මත සාපේක්‍ෂ දෙයක්. මම ගැන කිව්වොත් මට සතුටක් දැනෙන්නේ අම්ම, තාත්ත, සහ මගේ පවුලේ අය එක්ක ඉන්නකොට. අලුත් සංගීත නිර්මාණයක් කළාමත් මං ලොකු සතුටක් ලබනවා. අනිත් කාරණය තමයි විශාල බලාපොරොත්තු තියා නොගැනීම සතුටට වැදගත්. තමන්ට ළඟාකර ගන්න පුළුවන් හීන එකින් එක ඉටු කරගැනීම සහ ඒ තුළින් සෑහීමකට පත්වීමත් සතුටින් ඉන්න බලපානවා.
 
ඔබේ ජීවිතේ වැඩියෙන්ම සතුටක් දැනුණු දවස මොකක්ද?
2006 අප්‍රේල් හත් වැනිදා. එදා තමයි මම සහ මගේ බිරිය ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒ දවසෙ මට සාමාන්‍යයෙන් පෙම්වතියක් ලැබුණ කියන හැඟීම තමයි දැනුණෙ. ඒත් අද වෙනකොට මම හිතනව එදා ඇයව ලැබීම තමයි මගෙ සාර්ථකත්වය කියලා.
 
ඔබ විද්‍යා විෂයෙන් උසස් අධ්‍යාපනය දක්වාම ඇවිත් වෘත්තිය ලෙස කලාව තෝරා ගැනීමට හේතුව මොකක්ද?
මම ගාල්ල ශාන්ත ඇලෝසියස් මහ විද්‍යාලයේ හය වසරේ ඉඳන්ම සංගීතය හැදෑරුවා. හැබැයි මගේ ආසාව තිබ්බේ විද්‍යා විෂයන් කරන්න. ඔය අතරේ මවුපියන් තමයි කලාව පැත්තට මගෙ හැකියාවක් තියෙනව කියල හඳුනගෙන ඒ සඳහා මාව උනන්දු කළේ.
 
ඒ කියන්නේ ඔබේ ජීවිතේ හැරවුම් ලක්‍ෂ්‍යය ඔබ තරම් ගීතය?
ඔව් ඇත්තටම. ඩිලාන් ගමගේ සහ රදීෂ් වැන්දබෝනා තමයි ඔබ තරම් ගීතය නිර්මාණය කරල මට ගායනා කරන්න ලබා දුන්නෙ. ඒ ගීතය නිසා තමයි මට පවුලෙ අය එක්ක ලංකාවෙ ඉන්න ලැබුණේ.
 
තරු වැඩසටහන්වල එදා සහ අද තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?
එදාට වඩා දැන් තත්ත්වය සහ තාක්‍ෂණය උසස්. ඒ කාලෙ අනුග්‍රාහකයෝ වැඩිය හිටියෙ නැහැ. අඩු පහසුකම් සහ අද්දැකීම් අඩු බව නිසා තරගකරුවන් පවා කොයි විදිහටද තරග කරන්නේ කියල අවබෝධයක් තිබුණේ නැහැ.
 
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?
මගෙ පුතාල දෙන්නව යහපත් මිනිස්සු විදිහට ලෝකයට දායාද කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් යම් වැඩ කොටසක් කරල කාටවත් කරදරයක් නොකර සතුටින් ජීවත් වෙන එක තමයි ඉතින් අරමුණ.
 
නිසංසලා සංගීතා සමරතුංග
මව්බිම 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top