අපි ඉපදුනු දවසේ සතුටට අඬපු, පොඩි කාලේ අපේ ලෝකේ වීරයා වුණු, අපි පොඩ්ඩක් තරුණ වෙනකොට එයාගේ නීති වලට හිත අවුල් කරගත්තු, ඒත් අවුරුදු 30ක් විතර වෙනකොට එයා කියන දේ ඇත්ත තමයි කියලා තේරුණු, අපේ ලෝකේ වීරයා ඔහුයි. අද තමයි ලෝක පියවරුන්ගේ දිනය.
තමන්ව ආදරෙන් රැකබලාගත්ත තාත්තා මේ ලෝකෙන් සමු අරන් ගියාට පස්සේ ඔහුගේ දානය දවසේ පුතෙක් කියන කතාවක් තමයි මේ..
අහෝ දුකකී…
නුඹ නැතිව ලෝකේ
අප රැක්ක නුඹ නැතිව
පල නොමැත දිවියේ
දින දෙක තුනක් ඇසෙයි එක ස්වරයේ
අප්පච්චි නැතිව හඬනා දරුවන් විලාපේ
වල දමන හෝරාව පස් කයි සොහොන් බිම
ඊට පසු හෝරාව නොහදුනයි කඳුලු කැට
බත් පතක වූ අඩුව
පොකට්ටුව තදින් දැන
අම්මා යන දවසටත්
උන් ගනී ඇඟිල තුඩ
ගතව තුන් මාසය
එළඹෙයි අප්පච්චීගේ තුන් මාසේ දානය
අවමඟුලේ පාඩුව පියව ගන්නයි මේ බැල්ම
හේවිසි ගසා හොරනෑ පිඹ
ගම් හතට කියා ගෙයි සැණකෙළිය
කා බී නටයි DJ සංගීතයට
නෑයින් තැන තැන වැටුනු කල
හම්බවුන සීනි මලු තොග
ගනින කල ලේලිය
වගු ගසා ඉරි ගසා
පුතු කියයි කෑ ගසා
අප්පච්චීගේ තුන් මාසේ දානෙත්
හොඳටෝම පාඩුයි
සටහන සජීව ද සිල්වා