පසුගිය කාලය පුරාම ලංකාවේ සිදුවුණු ස්ත්‍රී දූෂණ පිළිබඳව සමාජය පුරාම දැඩි කතාබහක් ඇතිවුණා. ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේත් බොහෝ තොරතුරු අනාවරණය වුනා විතරක් නෙවෙයි ඒ අපරාධයන්ට හවුල් වුණු පුද්ගලයිනුත් නීතිය හමුවට ගෙන එන්නට කටයුතු කළා.
ලංකාව තුළ ඇතිවුණු මේ තත්වය ගැන ගැන දැනගන්න අපි ජනප්‍රිය නිලියක් වුණු යුරේනි නොෂිකා සම්බන්ධ කරගත්තා.
ඒ වගේම කවුරුත් කැමති යුරේනිගේ දඟකාරකම ගැන වගේම මේ දවස්වල ඇයගේ ජීවිතයේ අලුත් තොරතුරු ගැන අපි වෙනස්ම විදියේ ප්‍රශ්න ටිකක් ඇයගෙන් ඇහුවා. යුරේනි ඒ ගැන අපිත් එක්ක අදහස් දැක්වූවේ මෙන්න මේ විදියට....
01. මේ දවස්වල කොහොමද යුරේනිගේ විස්තර ?
සාමාන්‍ය විදිහට කාර්යබහුලයි. වැඩටික කරගෙන ඉන්නවා.
02. යුරේනි ඇයි ඔච්චර දඟ ?
නෑ ඉතිං මං පොඩි කාලේ ඉඳලා දඟ මල්ලක්. ඒක ඉතිං ඇඟේ දුවනවා.
03. යුරේනි වැඩියෙන් ආකර්ෂණිය කොටට අඳින නිසාද ?
අනේ මං දැන් නෑ.. මං පොඩි කාලේ ඉඳලා කොටට ඇන්දා. නැතුව මම අනවශ්‍ය ආකර්ශනයක් ලබාගන්න නම් නෙවෙයි. මොකද මගේ ඇඟ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙන කෙනෙක්, ව්‍යායාම කරනවා.
04. තාම ප්‍රේමවන්තයෙක් නැත්තේ ඇයි ?
දන්නෑ
05. කවදද යුරේනි ප්‍රධාන නිළියක් විදියට අපිට චිත්‍රපටියක දකින්න ලැබෙන්නේ ?
ඒක ඉතිං නිෂ්පාදකවරුන්ගෙන් අහන්න ඕනි. මොකද මගේ ගණන් අහපු ගමන් නිෂ්පාදකවරු ගන්නේ නැති තත්ත්වයක් තියෙනවා.
06. යුරේනි නිලියක් වුනේ නැති නම් කවුරු වෙයිද ?
නීතිඥවරියක් හෝ ව්‍යාපාරයක් කර ගෙන ඉන්න තිබ්බා
07. ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතය ඔයාට ලැබුනොත් කරනවද ?
ආපෝ නැහැ
08. ලංකාවේ ස්ත්‍රී දූෂණය වැඩි වෙන්න හේතුව යුරේනි හිතන විදියට මොකක්ද ?
පිරිමි මිනිසුන්ගේ අසහනය. සංස්කෘතිය කියලා පීඩනයක් දෙන නිසා අපේ පිරිමින්ට අසහනය වැඩිවෙලා තියෙනවා. මං හිතන්නේ අපේ රටත් බටහිර රටවල් වගේ පොඩ්ඩක් විවෘත මනසක් මිනිසුන්ට ඇති කළොත් ස්ත්‍රී දූෂණ අඩුවෙයි කියලා.
09. චිත්‍රපටයක චරිතයක් තෝරගන්න කිව්වොත් වැඩියෙන්ම කැමති මොනවගේ චරිතයකට ද ?
මං ආසයි සටන්කාමී චරිතයක් කරන්න.
ඇය සමඟින් කළ සංවාදය ඇතුලත් හඬපටය පහතින් අහන්න..