ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාළව ඊයේ තවත් තරඟ දෙකක් පැවැත්වුණු අතර, පළමු තරඟයේදී මෙතෙක් අපරාජිතව සිටි කලම්බු කිංග්ස් කණ්ඩායම පරදවා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකිං කණ්ඩායම සමත් වුණා.
දඹුල්ල පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 09 ක් දැවී ලකුණු 175 ක් රැස්කළ අතර, කලම්බු කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147 ක් පමණයි.
ඊයේ පැවති දෙවන තරඟයේදී ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය අපරාජිත බව රඳවා ගනිමින් කැන්ඩි ටස්කර්ස් පිල ලකුණු 54 කින් පරාජයට පත්කළා.
ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 08 ක් දැවී ලකුණු 185 ක් රැස්කළ අතර, එහිදී තිසර පෙරේරා පන්දු 28 කින් ලකුණු 68 ක් රැස්කර ගත්තා.
ධනංජය ද සිල්වා ලකුණු 61 යි. කැන්ඩි ටස්කර්ස් පිල පන්දුවාර 17 යි එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 131 ක් පමණයි.