ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක වශයෙන් නම් කරන ලෙසට බල කරමින් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ කිහිපයක් සංවිධානය කරන සිව්වන ජන රැලිය මේ වන විට කුරුණෑගල නගරයේදී පැවැත්වෙනවා.
මෙම ජනරැලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 කට අධික පිරිසක් සහ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්‌වන බව සංවිධායක මණ්‌ඩලය සඳහන් කළා.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ මෙම රැලි මාලාව සංවිධානය කරනු ලබනවා.
මෙම රැලියේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට රැඳවුම් බාරයේ සිටිනවා.