මහා බ්‍රිතාන්‍යයේ 56 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ උපන් රනිල් ජයවර්ධන ජයග්‍රහණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද විමසීම ඊයේ (07 ) ඡන්ද මධ්‍යස්ථාන 50,000කදී පැවැත්වුණා.
කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ කළ රනිල් ජයවර්ධන හැම්ෂයර් ආසනයට තරග කළා.
මීට පෙර පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන නගර සභා මන්ත්‍රී වරයෙකු ලෙස සේවය කර පළපුරුද්දක් ලබා ඇති ඔහු මෙවර තරග කරන්නේ හැම්ෂයර් ආසනයේ කොන්සර්වේටිව් මන්ත්‍රී ජේම්ස් අබර්ත්නොට් මෙවර තරඟ නොකිරීමට තීරණය කිරීමෙන් පසුවයි.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී මන්ත්‍රීවරු 650ක් තෝරාපත් කරගන්නා අතර මෙවර මැතිවරණය සඳහා සුදසුකම් ලබාසිටි ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 65කට ආසන්න වුණා.
වත්මන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ලේබර් පක්ෂ අපේක්ෂක එඩ් මිලිබෑන්ඩ් මෙවර මැතිවණයේ ප්‍රමුඛ අපෙක්ෂකයන් දෙදෙනායි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහාද සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට ලබාදීම විශේෂත්වයක්.
ඊසාන දිග හැම්ප්ෂයර් ආසනයේ මැතිවරණ ප්‍රතිඵලය

ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිකුත් කළ tweet පණිවුඩය
