නාගයෙකු සමග රාත්‍රී සමාජ ශාලාවකදී නර්තනයේ යෙදීමෙන් ජනප්‍රියත්වයට පත් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන තම මාස දහයක් පමණ වයසැති දරුවා විකිනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සහ සැමියා වන රුවන් ලක්මාල් ඊයේ(6) දහවල් කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරියා.
මාස දහයක් පමණ වයසැති තම දරුවා මුදලට විකිණීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.
තමන් දරුවා මුදලට විකිණීමට උත්සහ නොකළ බව නිරෝෂා විමලරත්න ප්‍රකාශ කළ අතර දරුවා හදාවඩා ගැනීමට ඥාති කාන්තාවට ලබාදීමට අධිකරණය අවසර ලබා දුන්නා.