වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් හිරු ටී.වී, සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්.
සම්බුදු දහමේ තිරස්චිතිය උදෙසා නිබදව ප්‍රමුඛත්වය ගන්නා හිරු ටී.වී., හිරු එෆ්.එම්. මෙවරත් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සංවිධාන කළේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්. ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමට රැස් වූ අතිවිශාල උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලය පිහිටුවා ආරම්භ කළ එම කටයුත්ත ධර්ම දේශනා, බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡාවලින් පෝෂිත වුණා.
මීට සමගාමීව, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වුණු කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි බුබුළු වලින් ඒකාලෝක කිරීම සහ පහන් ලක්ෂයකින් කිරිවෙහෙර පුද බිම ආලෝකමත් කිරීමේ පූජාව ද ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. පහන් දල්වා එම කටයුත්ත ඇරඹූ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ නමක් ද පූජා කළා. කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක කළේ ඉන් අනතුරුවයි.