රජයේ දින සියය අද(23) සම්පූර්ණ වනවා.
ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව බිහි වූ නව රජයේ දින සියයේ වැඩ සටහනේ සියවන දිනය ද අදයි.
දින සියය වැඩ සටහන තුළින් පොරොන්දු වූ වැඩ සියයෙන් අසූ පහක්ම අද වන විට අවසන් කර ඇති බව රජය පවසනවා.
මෙමගින් අඩු ආදායම් ලාභීන්ට සහ මධ්‍යම පාන්තික ජනතාවට වැඩි වශයෙන් සහන ලබා දීම තුළින් සාමාන්‍ය ගෘහස්ථයක ජීවන වියදම රුපියල් 3,700 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙනවා.
විධායක ජනාධිපති බලතල සීමා කීරීම සහ ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද තවමත් එය සම්මත කර ගැනිමට නොහැකි විම දින සියය තුළ ඉටු කර ගැනීමට නොහැකි වූ කාර්යයක් බවට පත් වී තිබෙනවා.
මේ අතර දින සියයේ වැඩපිළිවෙලට අනුව දින සියය අවසන්වූ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බවයි මීට පෙර සඳහන් කළේ.