ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන හෙටින් (23)නිම වෙනවා.
"වෙනසකට එක්‌වෙමු - මෛත්‍රී පාලනයක් සිය දිනකින් අලුත් රටක්" නමැති මෙම වැඩසටහන ආරම්භ වූයේ පසුගිය ජනවාරි මස 10 වැනිදායි.
මේ යටතේ ජනතාවට සහන ලබාදීමට අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම ඇතුළු පනත් ගණනාවක්‌ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගනු ලැබුවා.
විධායක ජනාධිපති ක්‍රමයේ පවතින අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
දින සියයේ වැඩසටහනට අනුව හෙට (23) වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහන්ව තිබෙනවා.