මඤ්ඤාෙක්කා දණ්ඩක් පැල කර කිලෝ 450ක් පමණ බරට මඤ්ඤාෙක්කා අල ලබාගැනීමේ පුවතක් කෑගල්ල, අරදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඉඩම හිමි නිමල් දයාරත්න මහතා රැකියාවට ගොස් නිවසට එන අතරමග දී හමු වුණ මඤ්ඤොක්කා දණ්ඩක් රැගෙන විත් නිවස ඉදිරිපිට මිදුලේ සිටුවීමෙන් මෙම ඵලදාව ලබා ගෙන තිබෙනවා.
ගසේ සාරවත් භාවය නිසා ගස නොගලවා පොළොව හාරා මඤ්ඤාෙක්කා අල කිහිපයක් ගලවා ආහාරයට ගෙන ඇති අතර හැම අලයක්ම කිලෝ 7-8ක් තරම් බර වූ බව ඔහු පවසනවා.
ගස වහලයට බරවී කඩා වැටීම වැළැක්වීමට වත්තේ ඉවත දමා තිබූ පුවක් කොටයක් ද ගසට ආධාරකයක් ලෙසින් තබා තිබෙනවා.
ටික දිනක් යනවිට අඩි 7ක් පමණ උස පුවක් කොටය තුළින් මඤ්ඤාෙක්කා අලයක් පොළොවට බැස ඇති අතර අල ගලවා අලෙවි කර රුපියල් හාරදහසක් පමණ උපයාගෙන ඇති අතර තවත් අල කිලෝ 400ක් පමණ පොළොව උඩ හා යට තිබෙන බව අරූගම වසමේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර එච්. පොඩිරාළහාමි මහතා පවසනවා.
මඤ්ඤාෙක්කා ගහ වෙසක් පොහොය දිනයේ දී ගලවා, දන්සැලක් දීම ඉඩම හිමි නිමල් දයාරත්න මහතාගේ බලාපොරොත්තුවයි.