හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම නීති විරෝධී නම් උසාවි ගොස් ඊට තහනම් නියෝගයක් ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ කිසිවෙකුට හිරිහැර කිරීමේ අවශ්‍යතාවක් තමාට නොමැති බවයි අග්‍රාමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ.
හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇත්තේ තිස්ස අත්තනායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම පිළිබඳව ප්‍රකාශ ලබාගැනීමට බැවින් එය නීතිවිරෝධී ක්‍රියාවක් නම් නීතිඥවරුන් මාර්ගයෙන් ක්‍රියා කළ හැකි බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බලපෑම් කරන බවට ඇති චෝදනාව ද ප්‍රතික්ෂේප කළා.