නීතිවිරෝධී සංක්‍රමණිකයන් 700 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් තවත් යාත්‍රාවක් ඊයේ මැදියම් රැයේ මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා.
ඉතාලි වෙරළාරක්ෂකයන් පවසන පරිදි මෙතෙක් බේරාගැනීමට හැකිවී ඇත්තේ එහි සිටි 28 දෙනෙකු පමණයි. ලිබියාවට උතුරෙන් සහ ඉතාලියේ ලම්පෙඩූසා දිවයිනට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මෙම යාත්‍රාව අනතුරට ලක්වූ බව සඳහන්.
කෙසේ නමුත් ජීවිත හත්සිය ගණනක් මුහුද බිලිගෙන ඇති බවට ඉතාලි බලධාරීන් අනුමාන කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජීවතුන් අතර සිටින පිරිස බේරාගැනීමට ඉතාලි නාවුක සේවයට අයත් යාත්‍රා 23 ක් මෙහෙයුමේ යොදවා ඇති බවටද වාර්තාවනවා.
අප්‍රිකානු සංක්‍රමණිකයින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට සංක්‍රමණයවීම මීට පෙරද විශාල වශයෙන් සිදුවූ අතර ඒ අතරතුර බොහෝ පිරිසක් මරණයට පත්වූ අවස්ථා අසන්නට ලැබුණා. කෙසේ නමුත් එකවර මෙතරම් පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.