වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක්ව වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වරින් වර දුෂණය කළ බව කියන පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.
මදුරන්කුලිය - ජින්නා වත්ත ප්‍රදේශවාසියෙක් වන 38 හැවිරිදි සැකකරු දැරියගේ සුළු පියා බවයි හිරු ගොසිප් පුත්තලම වාර්තාකරු සඳහන් කළේ.
අසනීප තත්ත්වයෙන් පසුවන පියා සහ මව ට ප්‍රතිකාර ලබා දීම සදහා දැරියගේ මව නිවසින් පිටත්ව ගිය පසුව 2013 වසරේ ඔක්තොම්බර් මස සැකකරු මුල් වරට දැරිය දුෂණය කර තිබෙනවා.
මේ දක්වා සැකකරු වරින් වර මෙම අපරාධය සිදු කරන බව දැරියගේ මව ද දැන සිටියත් සැකකරුගේ තර්ජන හේතුවෙන් එය හෙළිකර නැහැ.
පසුව ඉවසා ගත නොහැකිවූ විට මව විසින් මේ බව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළා.