මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරු පිරිස ඉදිරි මහ මැතිවරණය සඳහා පුටුව ලකුණෙන් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ද අනුරාධපුර කාර්යාල පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා නොලැබේ නම් මහින්ද රාජපක්ෂ මහතා පුටුව ලකුණෙන් මැතිවරණයට මුහුණ දෙනු ඇතැයි ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා.
තමා වැනි බිම් මට්ටමේ සිට දක්ෂතා මත කැබිනට් අමාත්‍ය තත්ත්වයට ආ ගැමියෙකු පැය 24න් මධ්‍යම කාරක සභාවෙන් දොට්ට දැමීම සාධාරණද නැද්ද කියා ඉදිරියේදී රජරට ජනතාව විසින් තීරණය කරනු ඇතැයිද චන්ද්‍රසේන මහතා එහි දී සඳහන් කළා.
1994 වසරේදී ආරම්භ කරන ලද පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා වන්නේ දි.මූ.ජයරත්න මහතායි.