ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ I Pad ජංගම පරිගණකයක් වෙන්දේසි කිරීමෙන් ලැබුණු ඩොලර් හතලිස් දහසක මුදලක් උරුගුවේ රාජ්‍යයේ දුප්පත් පාසැලක් වෙත ලබා දීමට නියමිතව තිබෙනවා.
උරුගුවේ පුජකවරයෙක් වන ගොන්සොලෝ අයිමිලියස්(Gonzolo Aemilius) හට වතිකානයේ පැවති හමුවක දී මෙම I Pad ජංගම පරිගණකය පාප් වහන්සේ විසින් තෑගී කරනු ලැබ ඇත්තේ එය යොදා ගෙන යම් හොඳ දෙයක් කරන ලෙස ඉල්ලීමක් ද කරමින්.
“ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ වතිකාන අන්තර්ජාල සේවය” යන්න රෝම භාෂාවෙන් ඒ මත මුද්‍රණය කර ඇති අතර පාප් වහන්සේ ගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතු සහතිකයක් ද සමග එය වෙන්දේසි කරනු ලැබුයේ උරුගුවේ අගනගරය වන මොන්ටෙවිදෙයෝ(Montevideo) හි දී.