සිංහල අළුත් අවුරුදු දිනයේ මිතුරන් පිරිසක් සමග මාඔය මෝය කටේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය හිරු ගොසිප් වෙත සඳහන් කළා.
ඊයේ(14) සවස 5.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.
මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - බෝලවත්ත,වයික්කාල ලිපිනයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ලහිරු සම්පත් (අවු:14) නම් පාසල් සිසුවෙක්.
දිය නාමින් සිටි සිසුවා හදිසියේම දියේ ගිලී අනතුරට පත‍්වී ඇති බව දුටු පිරිස් ඔහුව කඩිනමින් මීගමුව මහා රෝහල කරා රැගෙන යමින් සිටින විට අතර මගදී මිය ගොස් තිබෙනවා.