ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තමන් ඉවත් කර ඇති බව හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක ප්‍රකාශ කළා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ඊයේ (11) ලැබුණු බවයි ඔවුන් කියා සිටියේ.
එමෙන්ම මධ්‍යම කාරක සභාවෙන් හිටපු අමාත්‍යවරුන් වන ටී.බී.ඒකනායක හා එස්.එම්. චන්ද්‍රසේනද ඉවත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායකවරයා වන්නේ ද හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනයි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයකට එරෙහිව ක්‍රියාකිරීම තමා ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා ඇතැයි බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. සාලින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා.
පසුගිය මාර්තු 05 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ප්‍රධාන කරුණු 03 ක් පිළිබඳව සාකච්ඡා කළ බව එදින අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. ජාතික ආණ්ඩුව, මහමැතිවරණය සහ නුගේගොඩ රැළිය පිළිබඳව එහිදී අවධානය යොමුකළ බවයි ඔහු කියා සිටියේ.