කහවත්ත - කොටකෙතනේදී පසුගියදා සිදුවු කාන්තා ඝාතනයට සැකපිට එම කාන්තාවගේ වයස අවුරුදු 18 ක පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයා පොලිසියට ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්ද සිදුකර ඇති බවයි.
පසුගියදා අභිරහස් ලෙස ඝාතනය වූ චාන්දනී ස්වර්ණලතාගේ අවසන් කටයුතු ඊයේ (08) සිදු කෙරුණා. ඒ, ඇගේ මවගේ නිවස පිහිටි කහවත්ත - ඉරමඩගම ප්‍රදේශයේ පොදු සුසාන භූමියේදියි.
ඉකුත් පස්වනදා අළුයම අතුරුදන්වූ චාන්දනී ස්වර්ණලතාගේ සිරුර පෙරේදා සොයාගැනුනේ ඇගේ නිවස ආසන්නයෙන් ගලා බසින කොටකෙතන ඇළේ තිබියදියි.
බර ආයුධයකින් හිසට සිදුවූ පහරදීමක් මත ඝාතනය සිදුව ඇති බව රත්නපුර රෝහලේදී ඊයේ සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා. එසේම ඇගේ සිරුරේ බරපතල කැපුම් තුවාල 6 ක් දක්නට ලැබෙන බවයි එහිදී හෙළිවුණේ.