දිලිනි ලක්මාලි තිරිමාන්න, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා විදිහට දිලිනි ලක්මාලි මේ දවස්වල ආදරය ගැන ආපසු කතා කරන්න පටන් අරන්.
මේ සිදුවීමේ තියෙන අපූරුම ලක්ෂණය තමයි ඇය තමන්ගේ ප්‍රථම ප්‍රේමය යළිත් සොයාගෙන යාම. ප්‍රථම ප්‍රේමය යළිත් පණ ලැබීමත් සමග ඇය, තමන්ගේ ෆේස් බුක් ගිණුම පුරාවටම ආදරවන්තයාගේ ඡායාරුප වගේම ආදර වදන් පළ කිරීමට පටන් අරන්.
දිලිනිගේ ආදරවන්තයා ජීවන්ත. ජීවන්ත මේ දවස්වල ජිවත් වෙන්නේ විදේශ රටක. ජීවන්තගේ සහ දිලිනි ලක්මාලිගේ ආදර කතාව අවුරුදු ගණනාවක් පැරණි එකක්. බිඳ වැටුණු ආදරය යළිත් පැන ගැන්වුණේ ලඟදි කියලා තමයි දිලිනි කියන්නෙ. මේ දෙන්නගේ ආදරය කරන්න පටන් ගත්ත හේතුව දිලිනි දන්නේ නෑ.
හැබැයි තමන් නිළියක් නිසා නොවෙයි කියන එක ඇය දන්නවා. ඒ,දෙන්නගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තෙ රඟපාන්න ඉස්සෙල්ලා නිසා. හැබැයි කොහොම වුණත් ජීවන්ත තමන්ගේ දිග කොණ්ඩයට කැමතියි කියන එක දිලිනි කියන්නෙ ආඩම්බරයෙන්.