Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
18
"හිතේ උපන්න ඒ ආදරය ඇයට කවදාවත් කියන්න විදිහක් තිබුණේ නැහැ.." - සාරංග දිසාසේකර - Photos

- "හිතේ උපන්න ඒ ආදරය ඇයට කවදාවත් කියන්න විදිහක් තිබුණේ නැහැ.." - සාරංග දිසාසේකර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"පුංචි කාලෙම මගේ හිතේ ඒ රුව රැඳී තිබුණා..."
"ඒ ආදරේ එතැනින්ම ඉවර වුණා.."
"කැපවීමෙන් වැඩකරන සෑම නිළියකටම කැමතියි.."
 
සහජ හැකියාවන් ඔප්නංවා ගනිමින් ශ්‍රී ලාංකිය ටෙලිවිෂන් කලාව තුළ පරිපූර්ණ දක්ෂතා දක්වන ඔහු කඩවසම් නළුවෙකි. ජව සම්පන්න හඬින් නිවේදන වෘත්තියෙහි යෙදෙන දක්ෂ නිවේදකයෙකි. හඬ කැවීම් ශිල්පියකු ලෙසින්ද ඔහුට හිමිවී ඇත්තේ ප්‍රමුඛ තැනකි. සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව එක ලෙස ජයගත් ඔහු ප්‍රේක්ෂක ඔබේ ආදරය නොඅඩුව ලබන සාරංග දිසාසේකරය.


ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
මම පළමුව කැමරාවක් ඉදිරියේ පෙනී සිටින්නේ වයස අවුරුදු 10දී. ඒ වෙළඳ දැන්වීමකට. ඊට අවුරුද්දකට පස්සේ ටෙලි ෆිල්ම් එකක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ නම් ඉතින් රංගන කටයුතුවල පූර්ණ කාලීනව යෙදෙන්න ලැබුණේ නැහැ. නමුත් ගුවන් විදුලියෙත්, රූපවාහිනියෙත් විවිධ වැඩසටහන්වලට සහභාගි වුණා. අම්මා එක්ක ගුවන්විදුලියට නිතරම යන මම ගුවන් විදුලි ළමා පිටියේ නිවේදනයකු වන්නේ පැවැත් වූ පර්යේෂණයකින් සමත්වීමෙන්. රූපවාහිනියේ හඩකැවීම් ශිල්පියකු ලෙස කටයුතු කළත් උසස් පෙළ අවසන් වෙනකම්ම ඉතිං පූර්ණකාලීනව රඟපෑම්වල නිරතවීමක් සිදුවූයේ නැහැ.
 
ආරම්භයේදී ඔබ වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ?
පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉන්න කොට දන්තාලේප වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියා. ඒ ඇඞ් එක මම හිතුවාටත් වඩා ගොඩක් ප්‍රසිද්ධ වුණා. මා උගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී පමණක් නොවි අවට පාසල්වල ගැහැණු ළමයි, පිරිමි ළමයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් එයට ලැබුණා. ගොඩක් අය ඒ දන්තාලේපයේ නම කිය කියා මට විහිළුත් කළා. එතකොට තමයි මට ටිකක් විතර දැනෙන්න ගත්තේ මා ගැන හැමෝම දන්නවා නේද කියා.
 
මුලින්ම ආදරයක් හිතුනේ?
ම්.... මම උසස් පෙළ පන්තියේ ඉන්නකොට කාන්තා පාසලක ඉගෙන ගන්න කෙනෙකුට තමයි මගේ හිතේ පළමු වරට ආදරයක් ඉපදුණේ. නමුත් හිතේ උපන්න ආදරය ඇයට කවදාවත් කියන්න විදිහයක් තිබුණේ නැහැ. එය එතනින්ම ඉවර වුණා.
 
ඔබට වඩාත්ම හිතට දැනෙන විදිහට කාන්තාවකගේ සුන්දරත්වය දුටුවේ?
මම පුංචි කාලේ ඉඳලාම හරිම ආස සුන්දර රූ සපුවක් තිබුණ කෙනෙක් තමයි රෝසි සේනානායක මහත්මිය. ලෝක රූ රැජිනක් ලෙසින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඇය කෙරෙහි පුංචි කාලේ ඉඳලාම ලොකු ගෞවරයක් තිබුණා. ඊට අමතරව අනෝජා වීරසිංහ මහත්මියගේ දියණිය දිල්කි වීරසිංහගේ රුවත් ලස්සන රුවක් ලෙසට පුංචි කාලේදීම මගේ හිතේ රැඳී තිබුණා.
 
රඟපෑමට කඩවසම් බව පමණක් ප්‍රමාණවත්ද?
නැහැ කෙහෙත්ම නැහැ. කඩවසම් වූ පමණකින් පිරිමියෙකුට රඟපෑම වැනි වෘත්තියකට ප්‍රවිශ්ඨ විය හැකි වුවත් දීර්ඝ කාලීනව වෘත්තියක නිරත වීමට දක්ෂතාවය කැපවීම හැදෑරීම ආදි කරුණු ගණනාවක එකතුවක් අවශ්‍ය වෙනවා.
 
ඔබට ජනප්‍රිය නළුවා සම්මානය ලැබෙන්නේ?
මම හිතන්නේ එය මා රඟදක්වන චරිතවලට දක්වන සාධාරණත්වය අනුව ලැබුණ දෙයක්. ජනප්‍රියත්වයට බාහිර පෙනුම වගේම හැකියාව, දක්ෂතාව යන සියල්ලෙහිම එකතුවක්.
 
මට ජනප්‍රියම නළුවාට හිමි සම්මාන 12ක් විතර මේ වනවිට ලැබී තිබෙනවා. එකම ජූරියේදී ජනප්‍රියම නළුවා ලෙස සම්මානයට පාත්‍රවෙද්දී හොඳම නළුවා ලෙස නිර්දේශ වුණ අවස්ථා තිබුණා. සම්මානයක් ලැබීම උත්තේජනයක්. නමුත් සම්මානයක් ලැබුණ පමණින් ඒ මතම ජනප්‍රියත්වයක් රැඳී තිබෙයි කියා විශ්වාස කරන්න බැහැ.
 
ඔබත් සමග රඟපෑ ලස්සනම නිළිය?
එහෙම විශේෂ කෙනෙක් නම් නැහැ. රඟපෑමක් කියන්නේ ටීම් වර්ක් එකක්. එයට සහයෝගයෙන් කැපවීමෙන් රඟපෑමේ කටයුතුවල නිරත වූ සෑම නිළියකටම කැමතියි.
 
ඔබ නිළියකගේ ලස්සන දකින්නේ?
ප්‍රියමනාප බව ගැහැණු පිරිමි බේදයක් නැතිව අවශ්‍ය දෙයක්. මතුපිට සුන්දරත්වයෙන් නම් කෙනෙකුගේ හොඳ නරක මනින්න බැහැ. ගතිගුණ, හැසිරීම ආදී කරුණු යහපත් කෙනෙකු ලෙස ඉස්මතු වීමට බලපානවා. කෙසේ නමුත් ඔබ කියන ඔය ලස්සන මනින මිනුම් දන්ඩක් ගැන නම් මම දන්නේ නැහැ. මේ ලෝකයේ කැතයි කියලා කොටසක් නැහැ. අපි මිනිසුන් ලෙසට ලැබී තිබෙන රූපයේ ස්වභාවය ඇතැම් විටෙක පිටසක්වලකින් ජීවි කොටසක් අපිව දැක්කොත් අපිව ප්‍රතික්ෂේප කරන්න පුළුවනි. ඒ නිසා ලස්සනයි කියා තෝරා ගත් පිරිසක් නම් මට නැහැ.
 
ඔබේ කඩවසම් බව ආරක්ෂා කර ගන්න මොනවාද කරන්නේ කියලා දැන ගන්න කැමතියි?
මෙහෙමයි බාහිර පෙනුම ලස්සනට තියා ගන්න කියලා හිතලානම් මම මොකුත් කරන්න් නෑ. නමුත් ලැබෙන ඕනෑම චරිතයක් රඟ දැක්වීමට අවශය ජවය ශක්තිය ලබාගන්න වගේම නිරෝගිකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නම් මම පොඩි උත්සාහයක් ගන්නවා. පෝෂ්‍යදායි ආහාරපානවලට මුල්තැන දෙනවා. ඒවගේම නිරෝගිකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කොතරම් කාර්යය බහුල වුණත් ව්‍යායාමයක නිරත වෙන්න අමතක කරන්නේ නෑ.
 
රඟපෑම් කටයුතුවලදී වේශ නිරූපනය කිරීම් කරන නිසා ඒවා නිවැරදිව පිරිසිදු කර ගැනීම කරනවා. ඒ හැරෙන්න සමට ආලේපයක් නම් ගල්වන්නේ නැහැ.
 
කායික නිරෝගිකම මෙන්ම මානසික නිරෝගිතාවත් පුද්ගලයෙකුගේ නිරෝගි බවට ඉතාම වැදගත්. මනස නිදහස්ව තියා ගන්න මනසට සෞම්‍ය වාද්‍ය භාණ්ඩවලට හඬ පමණක් අඩංගු සංගීත කාණ්ඩවලට ඇහුන්කන් දීම මගේ විනෝදයක්.
 
නිවසේ කාමරයෙහි වාහනයේ ගමන් ගන්නා විටත් මා මනස නිදහස්ව තියා ගන්න උත්සාහ ගන්නවා.
 
අසුන්තා එදිරිසූරිය
ලංකාදීප


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top