අද අලුයම තුනට පමණ පොළොන්නරුවේ ගල්ලෑල්ල පන්සියයේ පාලම අසල දී කන්ටේනරයක් අනතුරට ලක් වුණා.
පොලිසිය සඳහන් කළේ ඇඟලුම් කම්හලකට යන්ත්‍ර ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනරයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
කොළඹ සිට මඩකලපුව දක්වා යමින් සිටිය දී රියදුරුට නින්ද යාම නිසා පාලමෙන් විසිවී රථය ගඟට පෙරලී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ සහායක මේවන විට පොළොන්නරුව රෝහලේ 20වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.
(ඡායාරුප - පොළොන්නරුවේ සමීර ධනංජය)
