තම රැකියාව කරන ස්ථානයට ආදරය කරන පිරිස් මෙන්ම එම ස්ථානය අපායක් ලෙසින් සලකන පිරිස් සමාජයේ විවිධ තැන් වලදී අපට හමුවේ. යම් පුද්ගලයින් රැකියා කරන ස්ථානයට ගොස් ඔවුන්ගේ පෞද්ගලික උවමනා එපාකම් වලට කාර්යාල කාලය යොදාගන්නවා සේම ඇතැම් පිරිස් හැකි උපරිමයෙන් සේවා ස්ථානයට සේවය කිරීමට කටයුතු කරනු ලබයි.
මේ සියල්ල අතර ඇමරිකාවේ සමාගමක් විසින් එහි කාර්යයේ යෙදෙන සේවකයිගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපූරු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති පුවතක් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
සැන් ෆ්‍රැන්සිස්කෝ හී පිහිටි බොල්ට් ඉටලික් සමාගම විසින් සිදු කරනු ලබන ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණශීලීත්වය අතින් ඉහල හැකියාවන් ඇති සේවකයින් ඔවුන් විසින් සේවයට බඳවාගෙන ඇත.
කෙසේ වෙතත් පසුගිය කාලය හා සසඳා බැලීමත් සමඟ එම සේවකයින්ගේ නිදහස් චින්තනයෙන් බිහිවන නිර්මාණශීලීත්වයට විවිධ බලපෑම් එල්ල වී ඇති බවට අනාවරණය වී ඇත. එයට හේතු ලෙස ඔවුන් පවසා ඇත්තේ සේවකයින් රැකියාවට යොදන අවධානයට වඩා වෙනත් බාහිර ක්‍රියාකරකම් වලට වැඩි අවධානයක් යොමු කරන බවයි. එමෙන්ම ඇඳුම් විලාසිතාවන් වලට කාලය යොමු කිරීමද මෙයට ප්‍රධාන සාධකයක් වී ඇති බවට ඔවුන් සොයාගෙන ඇත.
ඒ හේතුවෙන් කෙටි කාලයකට කාර්යාලය තුළ නිරුවතින් සේවයේ නිරතවී සිටීමට ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත. පහතින් දැක්වෙන්නේ එලෙස ඇඳුම් උනාදමා ඔවුන් සේවා ස්ථානයේ රැකියාවේ යෙදෙන අයුරුයි.
.jpg)