Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
03
බාලවයස්කාර දැරියක් පැහැරගෙන ළඟ තබාගැනීමේ චෝදනාවට ඇමති රාජිතගේ පවුලටම නඩු - Update

- බාලවයස්කාර දැරියක් පැහැරගෙන ළඟ තබාගැනීමේ චෝදනාවට ඇමති රාජිතගේ පවුලටම නඩු - UpdateHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

‘‘ළමයාව එයාලට ඕන විදිහට හරවා ගන්න පුළුවන්. එයා දරුවෙක්.
එගොල්ලන්ගේ ග්‍රහණයේ ඉඳගෙන ඒගොල්ලෝ ට්‍රේන් කරලා පුහුණු කරන විදිහට ළමයා කියයි‘‘ දැරියගේ පියා

රාජිතගේ පාර්ශවයෙන් කිසිවෙකුත් අධිකරණයට පැමිණ නැහැ

ඇමති රාජිත සේනාරත්න ඇතුලු ඔහුගේ පවුලට එරෙහි නඩුව පිළිබඳ මහාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තාවක් කැඳවනු ලැබුවා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය හමුවේ  ඊයේ (02) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට එරෙහිව දැරියගේ දෙමව්පියන් පසුගිය 20 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා.



ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න ඔහුගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න, පුතුන් දෙදෙනා වන එක්සත් සේනාරත්න සහ චතුර සේනාරත්න ඇතුලු වගඋත්තරකරුවන් 14 දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණා.  වගඋත්තකාර ඇමති රාජිතගේ පාර්ශවයේ කිසිවෙකුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට පැමිණ නොසිටි අතර ඔවුන්ගේ නීතීඥවරුන් පමණක් උසාවියට පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

පසුගිය වසරේ පෙබරවාරි මස 24 වැනිදා ඇමති රාජිත සේනාරත්නගේ දෙවැනි පුත් එක්සත් සේනාරත්න, පොල්හේන්ගොඩ, ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචි දිනිති ආලෝක රණසිංහ නමැති තම දියණිය පැහැර ගෙන ගොස් ඇති බවට දෙමාපියන් චෝදනා කළා. මෙම පැහැර ගැනීම ඇයට  වයස අවුරුදු 16ක් ව තිබියදී  සිදුවූ බවට දෙමව්පියන් ගොනුකළ නඩුවෙහි තවදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් එම මව්පියන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව ඊයේ (02) කැඳවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ඉදිරියේයි.

නීතිඥ මංජුල නිමේෂ් කුමාර පැමිණිල්ලේ නීතිඥ

පෙත්සමේ ආයාචනයේ සහනයක් ඉල්ලලා තිබුණා, අතුරු සහනයක් හැටියට මේ සම්බන්ධයෙන් දරුවාව අධිකරණය වෙත ඉදිරිපත් කරලා විමර්ශනයක්, විමසීමක් එහෙන නැත්නම් ඉන්ක්වරි එකක් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාත්, ගරු අධිකරණය ඉදිරියේ එකග වුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම පෙත්සම යොමු කළා මහේස්ත්‍රාත්තුමාගේ විමර්ශනයක් සදහා. අවුරුදු 18 වනතුරු අවුරුදු 16 - 18 ත් අතර කාල පරිච්ඡේදය අතරතුර ළමයෙකුට, විශේෂයෙන්ම කාන්තාවකට විවාහ වෙන්න බෑ. ඒ සදහා දෙමාපියන්ගේ අවසරය තියෙන්න ඕන. අවුරුදු 16 න් පස්සේ ලිංගික වරදක් විස්ථාපනය නොවුනත් නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ බොහෝ වගන්තිවල පැහැදිලි කරලා තියෙනවා 286 සහ 360 පසුව ඇතිවෙච්ච සංශෝධනවල ළමයා කියලා අර්ථ නිරූපනය කරන්නේ අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු හෝ තැනැත්තියක් කියලා. එතකොට මෙතන තියෙන ගැටලුව තමයි මේ නඩුවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ.

ගාමිණී රණසිංහ - පැහැර ගැනීමට ලක්වූ බව කියන දැරියගේ පියා

අපේ ඉල්ලීම් ගරු මහාධිකරණයෙන් අවසර දුන්නා  උසාවියට ගෙනල්ලා ළමයා පිළිබඳ විභාගයක් කරලා මහාධිකරණයට නැවත ජුනි 03 වැනිදාට ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය -  දැන් ළමයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්තයා කිව්වා ළමයාගේ කැමැත්තක් නැහැ කියලා දෙමාපියෝ ගාවට යන්න. මේ ගැන මොකද කියන්නේ?

පිළිතුර - මෙහෙමනේ මාස 7 ක් ඒ ගොල්ලොන්ගාව ළමයා පෙන්නන්නේ නැතුව ඉන්නකොට මේ ළමයාව ඒ ගොල්ලන්ට ඕන විදිහට හරවා ගන්න පුළුවන්. එයා දරුවෙක්. එයා මොනවා කිව්වත් අපි එහෙම තරහක් වෙන්නේ නැහැ. ළමයා මානසිකව එගොල්ලන්ගේ ග්‍රහණයේ ඉදගෙන ඒගොල්ලෝ ට්‍රේන් කරලා පුහුණු කරන විදිහට ළමයා කියයි. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එයා පොඩි ළමයෙක්. 18 ට අඩු ළමයෙක්.

අපිට ඕනේ ළමයා වැඩිදුර අධ්‍යාපනයට අරගෙන යන්න. ළමයා හොද ඉස්කෝලෙකට කොහෙවත් යවන්නේ නැහැ. එයාට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ඉස්කෝලේ යනවා. අඬනවා. සන්තෝසෙකින් නැහැ. අඩු ගානේ දෙමාපියන්ට අපි හියුමන්නේ. මානුෂිකව මේ ළමයාව පෙන්වන්න ඕනේ. ළමයාව මානුෂිකව සහෝදරයෝ දෙන්නට පෙන්නන්න ඕනේනේ. ඒ මුකුත් නෑනේ. මේ හදපු කිරිදීපු අම්මානේ. අම්මාට පෙන්වන්න ඔනේ නේ. ඒවා නැහැනේ. මානුෂිකව හරි සවුත්තු වැඩක් කරන්නේ මේ ඇමතිතුමත් නෝනත්.

මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වයක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් නීතිඥයින් ඉදිරිපත් වුණා.  

මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.



දැරියගේ මව කඳුළු සලමින් සිය දියණිය පැහැරගෙන ගිය බව මාධ්‍යට අනාවරණය කළ අවස්ථාවේ වීඩියෝව පහතින්...



පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය විකෘති කර ඇති බවට දෙමාපියන් මාධ්‍ය නිවේදනයක් මඟින් හෙළිකළ අවස්ථාවේ වීඩියෝව

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top