Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
21
මහ දවල් කොළඹ ඉඩම් කොල්ලය වරදී - මහාරාජාගේ වැටට, වැට ! - වීඩියෝ

- මහ දවල් කොළඹ ඉඩම් කොල්ලය වරදී - මහාරාජාගේ වැටට, වැට ! - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

මහාරාජා ආයතනයේ අත්තනෝමතික ක්‍රියාවට ඉඩ දිය නොහැකියි - නාගරික සංවර්ධන අමාත්‍යාංශය

නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කර පවත්වාගෙන යන කොළඹ කොටුව - ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති රාජ්‍ය දේපලක් අවසරයකින් තොරව බලහත්කාරයෙන් වටකර වැටක් ගැසීම පොලිසිය මැදිහත් වී අද (21) නතර කළා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි. නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම වටකර අවසරයකින් තොරව වැටක් ගසමින් අත්තනෝමතිකව ක්‍රියා කිරීමට මහාරාජා සංවිධානයට ඉඩ දිය නොහැකි බවයි.

මෙම ප්‍රදේශය වසර කිහිපයකට පෙර පැවතියේ අධි ආරක්ෂිත කලාපයක් ලෙසයි. ජනතාවට අවසරයකින් තොරව අදාළ ප්‍රදේශයට ඇතුළුවීම තහනම්ව තිබූ අතර කිසිදු සංවර්ධන කටයුත්තක් මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදුවූයේ නැහැ.



කෙසේ වෙතත් යුද්ධය අවසන් වීමත් සමග මේ භූමිය ඇතුළු අවට ප්‍රදේශ සීග්‍රයෙන් සංවර්ධනය වන්නට වුණා. තණකොළ සහිත මෙම භූමිය නඩත්තු කරනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින්. අද පෙරවරුවේ පැමිණි පෞද්ගලික සමාගමක් එය තමන්ට හිමි බවට පවසමින් අදාළ භූමිය වටකර නවීන පන්නයේ වැටක් ඉදිකිරීමට උත්සාහ ගත්තා.

කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි පර්චස්  65 කින් යුත් රජය පවත්වාගෙන යන මෙම ඉඩම වටකර අවසරයකින් තොරව බලහත්කාරයෙන් වැටක් ගැසීම සඳහා උත්සාහ කළ අවස්ථාවේදී ඒ අවට වෙනත් ආයතන ද ඊට දැඩි විරෝධය පළ කළා. කෙසේ වෙතත්, එම ඉඩමේ නඩත්තු කටයුතු දැනට කරගෙන යනු ලබන කලම්බු සිටි හොටෙල් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගාමිණී මැතිව් මෙම බලහත්කාරි ක්‍රියාව පිළිබඳව තමන් දන්නා ඉතිහාසය මෙසේ පැහැදිලි කළා.

"..ජරාවටම තිබුණු තැනක් මේක. 2010 දී නාගරික සංවර්ධන අධිකාරියෙන් මගෙන් ඇහුවා මේ ඉඩම කාටද අයිති කියලා. මම දන්න තරමින් ඒක මහරාජා ආයතනයට තමයි අයිති කියලා මම ඒගොල්ලන්ට දැනුම් දුන්නා. මේ ඉඩම එයාලට අයිති නම් කිසිම දියුණුවක් තිබුණේ නැහැ. අන්තිම ජරාවට තිබුණේ. ආමි එකෙන් කියලා තියෙනවා අපි මේක ගන්නවා. මේක ආණ්ඩුවට අයිති ඉඩමක් කියලා. ඉතින් ඒගොල්ලන්ට මොකුත් කරන්න හම්බ වුණේ නැහැ. ඒ ගොල්ලන්ට ඔප්පු කරන්න බැරිවුණ නිසා නාගරික සංවර්ධන අධිකාරි එකෙන් ඇවිල්ලා මේක ලස්සනට හදලා මේ තත්ත්වයට ගෙනල්ලා මගෙන් ඇහුවා ලයිට් එහෙම දාලා සහයෝගය දෙන්න පුළුවන්ද කියලා. වතුර දාන්නේ අපි. තණකොල කපන්නේ අපි. මේන් ටේන් කරනවා. කට්ටියක් ඇවිල්ලා මෙතන මනින්න පටන් ගත්තා. මම යූ.ඩී. එකේ නිලධාරීන්ට කතා කරලා කිව්වා මෙහෙමයි කට්ටියක් ඇවිල්ලා වැටක් ගහන්න හදනවා කියලා. ඔයගොල්ලන්ට අයිතියක් නැද්ද කියලා ඇහුවා. පස්සේ එයාලා ඇන්ට්‍රියකුත් දාලා. පස්සේ සිකුරාදාවක ඇවිල්ලා ට්‍රක්වලින් ආපහු වැට ගහන්න පටන් ගත්තා. පොලීසියට දන්වලා එහෙම ගලවලා ගෙනියන්න කිව්වා....."
 

 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කලම්බු සිටි හොටෙල් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගාමිණී මැතිව්.

"... මම දන්න තරමින් මහ රාජා ආයතනය  කන්ට්‍රැක් එක කම්පැනියකට දීලා තියෙනවා. WTC ඉස්සරහා කියන්නේ කොළඹ නගරයේ හදවත. ඉතින් ඒ වගේ තැනක මේ වගේ දෙයක් කරන්න ගත්තොත් ජාතික අපරාධයක්...."

අදාල වැට ඉදිකිරීමට පැමිණි සේවකයින් සහ මාධ්‍යවේදීන් අතර ඇති වූයේ මෙවැනි සංවාදයක්.

-    (සේවකයින්) මේ මහරාජා එකේ ඉඩමක්නේ. ඒකට වැට ගහන්න කියලා.
-    (මාධ්‍යවේදීන්) ඔයගොල්ලෝ මහරාජා එකේද?
-    (සේවකයින්)   නැහැ. කොන්ත්‍රාත් එකක් අරන් ආවේ.  මේක මහාරාජා ඉඩමක්. එච්චරයි අපි දන්නේ. මෙයා තමයි අවුරුදු 10 ක් සිකියුරිටි කළේ.

ඉදිකිරීම් සේවකයින් පසුව ඉන් පිටව ගියා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් කළ විමසීමේදී, ඔහු සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය නඩත්තු කර පවත්වාගෙන යන්නක් බවයි.

සිද්ධිය පිළිබදව පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබදව කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර

".....මීට සති දෙකකට කලිනුත් පැමිණිලි ඉදිරිපත් වෙලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය විසින්. ඔවුන් කියන්නේ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යන ඉඩමක් කියලා. එම නිසා නාගරික සංවර්ධන අධිකාරිය විරුද්ධ වෙනවා මෙම පුද්ගලික සමාගම විසින් ඉඩම වටේ වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන්. කෙසේ නමුත් අද දින මෙම පුද්ගලික සමාගම නැවතත් වැටක් ඉදිකිරීමට යාමේදී තමයි දෙවන පැමිණිල්ල නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කරලා තියෙන්නේ. පොලීසිය සදුදා දිනය දක්වා එම ක්‍රියාව නතර කරලා තියෙනවා....."

හිරු මේ පිළිබඳව නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා. ඔහු අප නැගූ ප්‍රශ්න වලට ද පිළිතුරු ලබා දෙමින් මෙසේ අමාත්‍යාංශයේ ස්ථාවරය පැහැදිලි කළා.

 "......මේ සම්බන්ධව මගේ නිලධාරීන් මට වාර්තා කළා. පොලීසියට දැනුම් දුන්නා වහාම වැට ගහන එක නවත්වන්න කියන්න කියලා මහරාජා සංවිධානයට. මහරාජා සංවිධානයට අත්තනෝමතික ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ. මේ පිළිබදව නීතිමය ගැටලුවක් තියෙනවා නම් ඒ අයට උසාවි යන්න පුළුවන්. අපේ රටේ යහපාලනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒක නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ අයිතිය තහවුරු කර ගන්න පුලුවන්...'

 
- ප්‍රශ්නය - දැනට තියෙන තොරතුරු අනුව මේ ඉඩමේ ඉඩම් කොටස කාගෙද ඇත්තටම.
- පිළිතුර - ඉඩම් කොටස අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. අපි කියනවා අපිට ඒක අයිතියි කියලා. යම් කිසි කෙනෙක් ඒ අයිතිය ඉල්ලනවා නම් ඒ පිළිබදව කටයුතු කරන්න පුළුවන් එකම ස්ථානය තමයි උසාවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීම සදහා කැපිටල් මහාරාජා ආයතනයේ සභාපති රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී අප උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න




  
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top