පසුගියදා ක්‍රිකට් ලොවම කඳුලින් හඬවමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙකු වූ ෆිල් හියුස් අවාසනාවන්ත ලෙස ක්‍රිකට් පිටියේදී ලොව හැරදා ගියේ පන්දුවක් හිසේ වැදීම නිසාවෙනුයි. මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් ඔහුගේ සගයින් වූ ඕස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයින් කල් ගත කලේ ඉතාමත් කණගාටුවෙනුයි.
ඒ අතර ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් මෙන්ම කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ ඩේවිඩ් වෝනර් වැඩි දෙනෙකුගේ අවදානයට යොමු වූයේ ෆිල් හියුස්ගේ මතකයන් සිහිකරන විට ඔවුන්ගේ නෙතඟට නැගුණු කඳුලු වලින් කියැවුණු මිතුදමේ බැඳීම නිසාවෙන්මයි.
ඔහුගේ මතකයන් අප අතරින් කෙමෙන් කෙමෙන් මැකී යන්නට වුනත් තවමත් එකාවන්ව ක්‍රීඩාකලේ ඔවුන්ගේ පිළේ සාමාජිකයින්ට නම් ඔහු සිහිවන හැම මොහොතකම නෙතඟට කඳුලක් ගලාඑන ඒ සංවේදී මොහොත තවමත් අමතක කරන්නට බැරිවෙලා තියෙනවා.
ඒ බව නැවතත් ලොවටම ඔප්පු කරමින් පසුගියදා පැවති රූපවාහිනි වැඩසටහනකදී ඩේවිඩ් වෝනර් ෆිල් හියුස්ගේ මතකයන් සිහිකරන්නට වුනා. එය සිහිකරනවාත් සමඟින් ඔහුගේ නෙතට කඳුලක් ගලා ආවේ තවමත් ඔහුගේ මතකයෙන් මැකි නොගොස් ඇති බවට ලොවටම ඔප්පු කරමිනුයි.
එහි වීඩියෝව පහතින් නරඹන්න...