සමාජයේ මේ වන විට වාර්තාවන ඇතැම් පුවත් අනුව එය දරුණු ලෙස දුෂ්‍ය වී ඇති බවක් පෙනීයන්නේ පෙර නොඇසූ වීරූ ආකාරයට යම් පුද්ගලයින් ඔවුන්ගේ මානසික ගැටළුවලට පිළියම් ලෙස දෙමාපියන්, සහෝදර සහෝදරියන්, පෙම්වතුන් හෝ පෙම්වතියන් යොදාගන්න නිසාවෙනුයි.
ඇතැම් විට මිතුරන්ගේ ගැටළුවලට දෙමාපියන් හට පහර දෙන අවස්ථා මෙන්ම තමන්ගේ දැරියව දූෂණය කරන්නට පියා විසින්ම වෙනත් අයෙකුට බාරදෙන ආකාරයේ අධම පුවත්ද මෙම ගොන්නට එකතු වුනේ සමාජය කෙතරම් වෙනස් වී ඇද්ද යන වග රටටම පසක් කරමිනුයි. මේ අතර තවත් එවැනිම ආකාරයේ පුවතක් වාර්තාවන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙනුයි.
වයස අවුරුදු අටක දැරියකගේ රහස් ප්‍රදේශය සිපවැළඳගත් අවුරුදු 58ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගියදා ඔහුව රක්ෂිත බන්ධනාගාර කොට තිබෙනවා.
මෙම සල්ලාල ක්‍රියාව නිසාවෙන් දැරියගේ බාප්පාගේ කැති පහරකට ලක් වූ සැකකරුව බන්ධනාගාරය මඟින් ප්‍රතිකාර ලබා දීමට මහේස්ත්‍රාත් විසින් නියම කර තිබෙනවා.
තවද මේ වයසේ දරුවන් පිළිබඳව දෙමාපියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් නිතර නිතර දරුවන් ඇසුරු කරන්නන් පිළිබඳව සෙවිල්ලෙන් සිටිය යුතු බවත් දැරියගේ දෙමාපියන්ට මහේස්ත්‍රාත් බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.