ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ නවසීලන්තය අතර තරගය මේ වන විට හැමිල්ටන් හිදි පැවැත්වෙමින් තිබෙනවා. මෙම තරඟයේ මුලින්ම පන්දුවට පරහදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 288ක් රැස්කර ගැනීමට සමත් වුණා.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මහමදුල්ලා ලකුණු 128ක් සමගින් 2015 ලෝක කුසලාන තරගාවලියේදි දෙවැනි ශතකය වාර්තා කිරීමට හැකිවුණා. මෙම තරඟය සදහා ක්‍රීඩා කරන නවසීලන්තය සහ බංග්ලාදේශ යන කණ්ඩායම් දෙක මේ වන විට ලෝක කුසලානයේ සුපිරි 8 වටයට ගොස් අවසන්. නමුත් මෙහි විශේෂම කරුණ වන්නේ සුපිරි 8 වටයේදි තමන් කා සමග ක්‍රීඩා කරන්නේ යන්නයි.
මෙම තරඟයෙන් නවසීලන්තය ජයග්‍රහණය කළහොත් දැනට "ඒ" ඛාණ්ඩයේ දෙවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ස්ථානයේම සිටිනු ඇති. නමුත් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ඒ ඛාණ්ඩයේ සිව්වැනි ස්ථානයයි.
ඊට හේතුව අනුමාන වශයෙන් ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර තරඟය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බවටයි ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුවයි ශ්‍රී ලංකා කණ්ඩායමට "ඒ" ඛාණ්ඩයේ සිව්වැනි ස්ථානය හිමිවන්නේ. ඒ අනුව සුපිරි 8 වටයේදි ශ්‍රී ලංකාවට හමුවන්නේ ඉන්දියාවයි. නමුත් මේ වන විට පැවැත්වෙන බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරඟයෙන් බංග්ලාදේශය පරාජයට පත්වුවහොත් සුපිරි 8 වටයේදි ශ්‍රී ලංකාවට හමුවන්නේ දකුණු අප්‍රිකාවයි.