2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් හොදම ක්‍රීඩකයින් 5දෙනාගෙන් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට මීට ටික වේලාවකට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ මහමුදුල්ලා සමත්ව තිබෙනවා.
ඒ නවසීලන්තයට එරෙහිව මේ වන විට හැමිල්ටන් හිදි පැවැත්වෙන තරගයේදි ශතකයක් වාර්තා කිරීමත් සමගයි. මහමුදුල්ලා මෙවර ලෝක කුසලානයේදි පිට පිට වාර්තා කළ දෙවැනි ශතකයද මෙයයි.
මහමුදුල්ලා මෙවර ලෝක කුසලානයේදි පිතිකරුවෙකු වශයෙන් පන්දුවට පහරදෙමින් සිව්වන ස්ථානයට පැමිණ සිටින්නේ ලකුණු 343ක් ලබාගනිමින්. මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය කුමාර් සංගකාකර රැදී සිටින අතර ඔහු රැස්කර ගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 496ක්.
දෙවැනි ස්ථානය ඒබී ඩිවිලියර්ස් ලකුණු 417ක් සමග පසුවන අතර, තිලකරත්න දිල්ශාන් ලකුණු 395ක් සමග තෙවැනි ස්ථානයේ පසුවනවා. මෙහි පස්වැනි ස්ථානයේ සිටින ශිකර් දවාන් රැස්කර ගෙන සිටින ලකුණු 333ක් හිමිකර ගෙන සිටිනවා.
එමෙන්ම මොහු පිට පිට ශතක 2ක්ම එල්ල කල නිසා කුමාර් සංගක්කාරගේ වාර්තාවටද ළඟාවීමට යම් ඉඩක් ඇතිබවයි බොහෝ දෙනෙක් පවසන්නේ.