ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් අඛණ්ඩව ශතක 4ක් රැස් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටු වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය දක්ෂතා ඉහලින් පෙන්වන හෙයින් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් කණ්ඩායම්වල දැඩි ඉල්ලුමක් සංගා පිළිබඳව ඇති වී තිබේ.
ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ කළමනාකරු ඇන්තනි එව්රාඩ් සඳහන් කරන පරිදි බිග් බෑෂ් ලීග් සෑම කණ්ඩායමකම කළමනාකරුවන් කුමාර් සංගක්කාර මිල දී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන අතර ලොව ප්‍රබලම ක්‍රීඩකයා සංගක්කාරයි.
ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරගවලින් ද ලබන අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් ද සමු ගැනීමෙන් පසුව කුමාර් සංගක්කාරට නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ද ඇන්තනි එව්රාඩ් වැඩි දුරටත් සඳහන් කරයි.