කුලියාපිටිය ප්‍රසිද්ධ පාසලක් යාබදව ඇති සිනමා ශාලාවක පොහෝ දිනක එම පාසලේ සිසුන්ද ඇතුළුව බාලවයස්‌කාර පෙම්වතුනට ලිංගික ක්‍රියා සඳහා ඉඩ ලබාදීම යන චෝදනාවට වරද පිළිගත් සිනමාහලේ කළමනාකරුවන් දෙදෙනා හඳුනාගෙන දඬුවම් නියම කිරීමට මාර්තු 30 වැනිදා නඩුව නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කර තිබෙනවා.
පාසැල් වයසේ මෙන්ම පාසැල් හැරගිය ජෝඩු සඳහා මෙලෙස සිනමාහල ලබාදී ඇති අතර රුපියල් 500 ගෙවා එයට ඇතුල් වී පැයක කාලයක් ගතකිරීමට සිනමාහලේ කළමනාකරු හා සේවයකයෙකු කටයුතු කර තිබෙනවා.
බැල්කනියේ මෙන්ම බොක්ස් තුලද තමන් කැමති ස්ථානයක ඔවුන්ට අසුන්ගෙන ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීමට ඉඩ දී ඇති අතර මෙම සිඳුවීම සම්බන්දයෙන් කිසිවෙකු දැනගන්නේ නැතැයි ඔවුන් සිතා තිබෙනවා.
කෙසේ නමුත් නිවසින් පිටව ගිය තමන්ගේ දියණිය ගියේ කොහේදැයි විපරම් කර බැලූ මවකට ආරංචි වී ඇත්තේ තමන්ගේ දියණිය කොල්ලෙක් සමඟින් සිනමාහලකට ඇතුල්වී ඇති බවයි. මේ ගැන සොයන්නට මව පෝය දවසේ සිනමාහලට ආවද එහි කළමනාකාරීත්වය පවසා ඇත්තේ සිනමාහලේ අද දිනයේ කවුරුත් නැති බවයි.
ඒ ගැන සැක සිතුනු දෙමාපියන් පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමත් සමඟින් කළමනාකරුගේ පටිරෝල් වී තිබෙනවා. පොලිසිය සමඟින් සිනමාහල වෙත පැමිණි දෙමාපියන් එය පරීක්ෂා කරන ලෙස පොලිසියට පවසා තිබෙනවා. සිනමාහලට ඇතුල් වූ පොලිසියට දැකගත හැකි වී ඇත්තේ අඩනිරුවතින් තැන තැන සිටින බාලවයස්කාර යුවල් කිහිපයකුයි. ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි ඔවුන්ගෙන් පොලිසිය ප්‍රශ්නකරන අතරතුරු ඔවුන් පවසා ඇත්තේ මෙම ස්ථානයට මීට පෙර සිටම නිවාඩු දින වලදී පැමිණෙන බවයි.
ඔවුන්ට අවවාද කරමින් පොලිසිය දෙමාපියන් වෙත භාරදී ඇති අතර වරද පිළිගත්තේ කසුප් විඡේනායක හා රුවිශාන් කෞශල්‍ය නම් අදාළ සිනමාහලේ කළමනාකාරීත්වයේ දෙදෙනෙකි.