Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
"එයා බැඳලා පවුල පිටින්ම රට ගිහින්, ජීවිතේ මිහිරිම වේදනාව මං එදා විඳගත්තා. අදත් ඒ වේදනාව මට දැනෙනවා..." - ස්වර්ණා කහවිට - Photos

- "එයා බැඳලා පවුල පිටින්ම රට ගිහින්, ජීවිතේ මිහිරිම වේදනාව මං එදා විඳගත්තා. අදත් ඒ වේදනාව මට දැනෙනවා..." - ස්වර්ණා කහවිට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"ඒ අය ආවාම මම ඉතින් ඇසිපිය නොහෙළා බලා ඉන්නවා..."

"මේ මොනවත් දන්නේ නැති නිසා අම්මා උඩබිම බලාගෙන හිටියා..."

"අම්මා කැමති නැහැ අපි ඈත්වෙමු කියලා. මං එහෙම කිව්වා විතරයි එයාගේ ඇස්වල කඳුළු පිරුණා..."

70 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයයි. එම ස්වර්ණමය යුගයේදී තිරගත වූ 'බිනරමලී' චිත්‍රපටයේ බිනරිගේ චරිතය රඟපාමින් සිනමාවට එක් වූ ස්වර්ණා කහවිට එම වසරේ දක්ෂතම නිළිය හැටියට සම්මානයට පාත්‍ර වූවාය. මේ ඇය ගැනයි


ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි ඔබ උපන් ගම් පළාත?
කොළඹ, කොටහේන.

අම්මා, තාත්තා සහ පවුලේ විස්තර කියන්න බලන්න.
අම්මා නුවර පළාතේ කෙනෙක්. නම ඇඩ්ලින් විනිෆ්‍රඩ් පෙරේරා. තාත්තාගේ ගම පිළියන්දල. නම ඇල්ෆ්‍රඩ් කහවිට. තාත්තා ව්‍යාපාරිකයෙක්. පවුලේ අයියලා දෙන්නයි, අක්කලා දෙන්නයි මමයි. ලොකු අයියා ආරියරත්න, පොඩි අයියා බර්නාඩ්, ශ්‍රියාලතා සහ චන්ද්‍රා අක්කලා.

මතකද පුංචි කාලේ ගෙදර පරිසරය?
මං පවුලේ පුංචි කෙල්ල නිසා හැමෝම මට විශේෂයක් දැක්වූවා. ඒ ආදරය මට උපරිමයෙන් විඳගන්න ලැබුණා.

ඉගෙන ගත්ත පාසල?
මුලටම කොටහේන මධ්‍ය විද්‍යාලයට, ඊළඟට කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයට.

ඔබ පාසල් අධ්‍යාපනය ලැබූ කාලේ කොහොමද තොරතුරු?
පාසල් වේදිකාවට පය තබන්න වාසනාව ලැබුණා. නාට්‍ය තරගවලට සහභාගී වුණා. ඔය අතරේ ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකර මහත්මයා මෙහෙයවූ ළමා මණ්ඩපයට සහභාගී වුණා.

ඔබේ පවුලේ ලොකු අයියා ආරියරත්න කහවිට මහතා පසුකාලීනව සිනමාවට සම්බන්ධ වී සිටියා. ගෞරවයක් හැටියට අපි ඔහු ගැනත් ටිකක් කතා කරමු නේද?
කොටහේනේ ගුණානන්ද විද්‍යාලයෙන් සහ කොළඹ කේරි විද්‍යාලයෙන් අයියා අධ්‍යාපනය ලැබුවා. දහම් පාසල් තරගවලින් ජයග්‍රහණය කර හිටපු අගමැති සර් ඔලිවර් ගුණතිලක මහතා අතින් ත්‍යාග ලබාගෙන තිබුණා. පසුකාලීනව ලේඛන කලාව දියුණු කරගෙන 'කලා' සිනමා සඟරාවේ කර්තෘ පදවියටත් පත්වුණා. චිත්‍රපට කතා රචකයෙක්, දෙබස් රචකයෙක් හැටියටත් හඳුන්වන්නට පුළුවන්.

හොඳයි.. ඔබ සිනමාවට සම්බන්ධ වූ හැටිත් කියන්න බලන්න.
සිනමාවට සම්බන්ධ වීමේ ආසාවක් ඇතිවුණේ චිත්‍රපට බැලීම නිසයි. ගෙදර කට්ටියත් එක්ක ගිහින් 'සංදේශය' චිත්‍රපටය බැලුවම තමයි මං පිස්සු වැටුණේ.

ඒ මොකෝ?
'පුන්සඳ එළියයි එන මඳ සුළඟයි මල් මල් මල් සුවඳයි..' කියන සිංදුව කියමින් කාන්ති ගුණතුංග නටපු හැටි දැක්කම පිස්සු වැටෙන්නේ නැත්තේ කව්ද? මං ඉතින් ගෙදර ඇවිත් ඒ සිංදුව කිය කියා නටන්න පටන් ගත්තා..

සිනමාවට සම්බන්ධ ආරියරත්න කහවිට ලොකු අයියාට ඔබේ ආසාව කිව්වේ නැද්ද?
අපෝ එයා කැමති වුණේ නැහැ මං රඟපාන්න යනවට. ඒ වුණාට එදා සිනමාවේ සිටි කාන්ති ගුණතුංග, ලීනා ද සිල්වා, ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක, උදුලා දාබරේ, එච්.ආර්. ජෝතිපාල, මොරිස් දහනායක ඇතුළු පිරිසක් නිතර නිතර අපේ ගෙදර ආවා ගියා 'කලා' සිනමා සඟරාවෙන් උදව් ගන්න. ඒ අය ආවාම මම ඉතින් ඇසිපිය නොහෙළා බලා ඉන්නවා.

සිනමා ශිල්පීන්ගේ පැමිණීම නිසා ගමේ අය අපේ ගෙදරට කිව්වේ 'ෆිල්ම් ස්ටාර්ස් පැලස්' කියලයි. හොඳයි ඔබේ රඟපෑම් ආසාව ඉෂ්ට කර ගත්තේ කොහොමද?
මං පාසල් ගිය කාලේ පත්තරයක දැන්වීමක් තිබුණා, 'රහස් දූපත' චිත්‍රපටයට ළමා නළු නිළියන් අවශ්‍යයි කියලා. මම ගෙදරට හොරෙන් ඉල්ලුම් කළා. මී.මීටර් 16 නිපදවන ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ අර්වින් ජයමාන්න මහතා මාව සොයාගෙන ඇවිත් මා තෝරාගත් බව දැනුම් දුන්නා. ප්‍රථමයෙන්ම රඟපෑවේ ඒ චිත්‍රපටයේ. හැබැයි ඉතින් රඟපාන්න ගියේ ගුටි කාගෙන තමයි.

ඊළඟට?
'බිනරමලී' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නව නිළියන් අවශ්‍යයි කියලා තිබුණු දැන්වීමකට ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණයට ගියේ මමයි, පොඩි අක්කයි ගෙදරට බොරුවක් කියලා. පරීක්ෂණය තිබුණේ 'බිනරමලී' කතා රචක මුදලිනායක සෝමරත්න මහත්මයාගේ රත්මලානේ නිවසේ.

කොහොමද ප්‍රතිඵල?
කියලා වැඩක් නැහැ. 'බිනරමලී' ප්‍රධාන චරිතයට මාව තෝරාගත්තා කියන පණිවුඩය අරගෙන මුදලිනායක සෝමරත්න, චිත්‍රපට කැමරා ශිල්පී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, තිර කතා රචක තිස්ස අබේසේකර, 'දවස' ඡායාරූප ශිල්පී අනුර ගුණසේකර කියන කට්ටියම අපේ ගෙදර ආවා එදාම හවස.

අම්මා මොකද කිව්වේ?
මේ මොනවත් දන්නේ නැති නිසා අම්මා උඩබිම බලාගෙන හිටියා.

ඊට පස්සේ?
අර කට්ටිය ගෙදරින් ගියාට පස්සේ අම්මා මට හොඳට ගැහැව්වා. මේ පික්චර් එකට විතරක් අවසර දෙන්න අම්මේ කියලා අක්කලා වැඳලා කිව්වම තමයි ගුටි පූජාව නතර වුණේ.

'බිනරමලී' චිත්‍රපට‘යේ රූගත කිරීමේ විස්තරයක් කරන්න බලන්න.
මම බිනරමලී, මගේ මව හැටියට රඟපෑවා ශාන්තිලේඛා, සිංඤො හැටියට වික්‍රම බෝගොඩ, වෙඩික්කාරයා පියදාස ගුණසේකර, මීට අමතරව ඩී ආර්. නානායක්කාර, ගැමුණු විජේසූරිය රඟපෑවා. රූගත කිරීම් තිබුණේ දඹුල්ලේ එකයිකාල වත්තේ. ඒ දුෂ්කර ප්‍ර‘දේශයේ අපි මාස තුනක් නතර වෙලා හිටියා. මගේ තනියට අම්මා හිටියා.

මොනවද මතක සටහන්?
වෙඩික්කාරයා තුවක්කු බටෙත් කරේ තියාගෙන මගේ දිහාවට එනකොට මං බයවෙලා වෙව්ලන්න පටන් ගත්තා. කැමරාවට මුහුණ දුන් පළමු දර්ශනයේ තිබුණේ සුදු බණ්ඩට තේ කෝප්පයක් දෙන්න. ඒ වෙලාවෙ අත වෙව්ලලා තේ කෝප්පය ඉතිරිලා ගියා.

තවත් දර්ශනයක් තිබුණා මාස පහක කිරි දරුවෙක් වඩාගෙන කන්දකින් පහළට බහින්න. ඒ වෙලාවේ බොරළුවලට පය ලිස්සලා ගිහින් මගේ වැරහැලි රෙද්ද කටු පඳුරක ඇමිණිලා තමයි බේරුණේ. දරුවාට මොකුත් වුණේ නැහැ. බිනරමලීට කටහඬ දුන්නේ නෙතලි නානායක්කාර මහත්මිය බවත් කිව යුතුයි.

දැන් අපි කතා කරමු 'බිනරමලී' චිත්‍රපට‘යේ මංගල දර්ශනය ගැන.
ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණ සිටියේ එදා ඇමතිවරයෙකුව සිටි ටී.බී. ඉලංගරත්න මහතා සහ එතුමාගේ බිරිඳ.

එතුමන්ලා මොකද කිව්වේ?
ඔය ළමයා බිනරමලී චරිතය ලස්සනට රඟපාලා තියෙනවා කියලා මට සුබ පැතුවා.

අම්මා මොකද කිව්වේ?
ඔය ඇති කිව්වා.

බිනරමලීට සම්මානයකුත් ලැබුණා නේද?
ඔව්. 'බිනරමලී' චරිතය රඟපෑම වෙනුවෙන් වසරේ (70 හෝ 71) හොඳම නිළියට පිදෙන සම්මානය මට ලැබුණා. ඒ වෙනකොට අපේ අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි විවාහ වෙලා හිටියේ.  ආරියරත්න කහවිට අයියා විවාහ වුණේ මල්ලිකා ද සිල්වා ජනප්‍රිව සිටි ගායිකාව සමග. දැන් එයා හඳුන්වන්නේ මල්ලිකා කහවිට නමින්.

කොහොමද රසික ප්‍රතිචාර?
ඒවායින් අඩුවක් නැහැ. ආදරණීය බිනරී නංගි කියලා රසිකයින් මට ලියුම් එවන්න පටන් ගත්තා. 'බිනරමලී' චිත්‍රපටය නරඹලා පේරාදෙණියේ වෛද්‍යවරයෙක් මට විවාහ යෝජනාවක් කරලා තිබුණා. මං මගහැරියා.

ඒ ඇයි?
මගේ හිත වෙන තැනක නතර වෙලා තිබුණා.

ඒ කතාව කියන්න බලන්න.
පාසල් යන කාලේ සිටම අපේ ගෙදර ළඟින් යන ළමයෙක් හිටියා. එයා කොටහේනේ ළමයෙක්. මා දිහා බලාගෙන යනවා හිනාවෙනවා විතරයි. 'බිනරමලී' තිරගත වුණායින් පස්සේ තමයි එයා මා එක්ක කතා කළේ. ඊට පස්සේ අපේ ගෙදර ඇවිත් මා එක්ක කතා කරන්න පටන් ගත්තා. අපේ කතාව අම්මා හොරෙන් අහගෙන ඉඳලා ඒ සම්බන්ධය නතර කරන්න කිව්වා. එයා වෛද්‍ය ශිෂ්‍යයෙක්.

එයා වෛද්‍යවරයෙක් හැටියට පත්වීම ලැබිලා ඈත පළාතකට යන්න ඉස්සර අපේ ගෙදර ළඟට ඇවිත් ආයෙත් දවසක හම්බවෙන්න එන්නම් කියලා ගියා. මං කිව්වා අම්මා කැමති නැහැ අපි ඈත්වෙමු කියලා. මං එහෙම කිව්වා විතරයි එයාගේ ඇස්වල කඳුළු පිරුණා.

ඔබ ඇයි එහෙම කිව්වේ?
අම්මා හෘද රෝගියෙක්. ඒ නිසයි මම අම්මට කීකරු වුණේ. අම්මාට මොනවා හරි වුණොත් කියලා මං බය වුණා.

ඊට පස්සේ?
අම්මා අරගෙන ආපු විවාහ යෝජනාවල් එකකටවත් මං කැමති වුණේ නැහැ. උඹ මගෙන් පළිගන්නද අකමැති වෙන්නෙ කියල අම්මා මගෙන් ඇහුවා. ඊට පස්සේ බැරිම තැන අම්මා කිව්වා හා එහෙනම් උඹ කැමති දෙයක් කරගනින් කියලා.

අර දොස්තර මහත්මයා ගැන හිතලා වෙන්න ඇති නේද?
ඔව්, ඔව්. මං මගේ මිතුරියකට කිව්වා ඉක්මනට ගිහින් අර දොස්තර යාළුවාට පණිවුඩයක් දෙන්න කියලා.

ඉතින්?
ලැබුණු ආරංචියෙන් මුළු ලෝකයම කඩා වැටුණා වගේ දැනුණා.

ඇයි මොකද?
එයා විවාහවෙලා තමන්ගේ පවුල පිටින්ම රට ගිහින්ලු.

ඇයි මේ ඇස්වල කදුළු?
ජීවිතේ මිහිරිම වේදනාව මං එදා විඳගත්තා. අදත් ඒ වේදනාව මට දැනෙනවා.

ඒ වේදනාව මග හැරෙන්නත් එක්ක ඔබ ඊට පස්සෙත් රඟපෑවා නේද?
ඔව්. ගාමිණි ෆොන්සේකා මහත්මයත් සමග 'ඔන්න බබෝ බිල්ලෝ එනවා' චිත්‍රපටයේ රඟපාන කාලේ සිනමාවේ ප්‍රවීණයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මට විවාහ යෝජනාවක් කළා. මං මගහැරියා. ගාමිණි මහත්මයාට මේ ආරංචිය ලැබිලා මට කිව්වා ස්වර්ණා ඔයා හොඳ සිලෙක්ෂන් එකක් මගහැරියා කියලා.

ඊට පස්සේ?
'සිරිල් මල්ලී', 'උන්නත් දාහයි මලත් දාහයි' ඇතුළු චිත්‍රපට විසිපහකට පමණ මං රංගනයෙන් දායක වුණා. ඔය අතරේ මං ජපානයට ගියා. ජපන් භාෂාව දන්නේ නැතුව රැකියාවක් කරන්න අමාරු නිසා ආපසු ලංකාවට ආවා. ලංකාවට ඇවිත් ජපන් භාෂාව හොඳට ඉගෙනගෙන නැවත ජපානයට ගිහින් රැකියාවක් කළා අවුරුදු දෙක හමාරක් විතර.

ලංකාවට ආවේ?
අම්මාට අන්තිමයි කියලා පණිවුඩයක් ආවා. මං ලංකාවට ඇවිත් අම්මාගේ දුකසැප බලලා නැවත යන්න ලෑස්ති වුණාම තාත්තා අඬන්න පටන් ගත්තා අනේ දුවේ මාව දාලා යන්න එපා කියලා.

ඉතින්?
ඉතින් ගමන නතර කළා. ටික කාලෙකට පස්සේ අම්මයි, තාත්තයි දෙන්නම මිය ගියා.

ඔබ?
මම මගේ සහෝදරියන්, ඒ අයගේ දූ දරුවනුත් සමග ජීවත් වෙනවා.

ජීවිතේ ආපසු හැරී බැලුවම මොනවද හිතෙන්නේ?
පවුලේ ගරුත්වය රැක ගනිමින් මම සිනමාවේ දිගු ගමනක් ගියා. ඒ සඳහා මට පසුගිය මාසයේ ජනාධිපති සම්මානයක් පිරිනැමුවා.

අමරදාස සිල්වා



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top