ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භික්ෂුන් වහන්සේට එරෙහිව සිදුකරන ප්‍රකාශ පිලිබදව තමන් ලැජ්ජාවට පත්වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
බෙල්ලන්විල රජ මහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ බේ බව සදහන් කළා.
පාස්කු ප්‍රහාරයේ මියගිය අය වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ වැඩසටහනක් බෙල්ලන්විල රජමහා විහාරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
"අපි පිළිගන්නේ නැහැ කොයිම විදිහකටවත් සමහර දේශපාලන කේෂ්ත්‍රයේ උදවිය ප්‍රකාශ කරන දේවල්. භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඇත්තේ අප තුළ ලොකු ආදරයක්. ගෞරවයක්. ඒ වගේම ඔබ වහන්සේලා මේ රටට කරන සේවය අපි ඉතාමත් ඉහළින් අගය කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටින්නට අවශ්‍යයයි. ඒ නිසා ඔබ වහන්සේලත් කලබලවෙන් එපා ඔය එක මන්ත්‍රීතුමෙක්, ඇමතිකෙනෙක් ඒ ගොල්ලන්ගේ ඔලුව නරක් කරන් කියන කතාවලට. මේ රටේ උරුමය බෞද්ධ උරුමය බව අපි සක්සුදක් සේ පැහැදිලිවම පිලිගන්නවා. බටහිර ලෝකය ක්‍රිස්තියානි ලෝකය කියලා කිව්වාට ඒකේ ක්‍රිස්තියානිකමක් ඇත්තේම නැහැ. ඇත්ත වශයෙන්ම අපි වාසනාවන්තයි මේ වගේ රටක බොදුනු සංස්කෘතියේ පසුබිම තුළ අපේ ආගම් අදහන්නට අපිට ලැබිලා තියෙන ඒ නිදහස පිලිබදව. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන එයා භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ඒ කරලා තියෙන අපහාසය පිලිබදව මම ඔබ වහන්සේලාගෙන් කණගාටුව ප්‍රකාශ කරනවා ඔබ වහන්සේලාට. මේ වගේ දෙයක් ඒවගේ කෙනෙක් කියපු එක ගැන. හැබැයි අපිටත් ලොකු ප්‍රශ්න වගයක් තියෙනවා ඒ කතා කරන එක්කෙනා ඇත්තටම කතෝලිකයෙක්ද කියලා. මොකද කතෝලිකයෙක් කියලා කියන්න පුළුවන් ලේබල් එකක් අලවා ගන්න පුළුවන්. නමුත් කතෝලිකයෙක් කියන්නේ ඔය වගේ දේවල් කරන එක්කෙනෙක් නෙවෙයි".
මේ අතර එක්සත් ජාතීන්ගේ මණ්ඩලය පිලිබදව කාදිනල් හිමිපාණන් අදහස් පළ කළා.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
"අවුරුදු ගණනාවක තිස්සේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ගෙනියන වැඩපිළිවෙල,එක්සත් ජාතීන්ගේ මණ්ඩලය කියලා කියන්නේ ලෝකයේ බලගතු රටවලට පොඩි රටවල් පාලනය කරන්න හදලා තියෙන සංවිධානය.ඒ කියන්නේ මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය බොරුවක්". VIDEO