අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ, පෙළ පොත් මුද්‍රණයේදී සිදුව ඇති බවට පැවසෙන දූෂණ හා වංචාවකට අදාළව කොමිසම් සභාව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි.
එම පැමිණිල්ල ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්, වත්මන් අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ සාක්ෂි ලබාදී තිබෙනවා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පෙළ පොත් මුද්‍රණය කිරීමේදී තම රුව ඇතුළත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෞද්ගලිකව තමන් වෙත දැනුම් දුන් බවයි.
තමාගේ ඡායාරූපය වර්ණ 4කින් යුක්ත වන ආකාරයට තම අත්සන සහිතව නිවේදනයක් ලෙස පෙළ පොත්වලට යොදා ගන්නා ලෙසටයි දැනුම් දී ඇත්තේ.
ඉදිරි දේශපාලන ගමන් මගට, පැවැත්මට සහ ජනප්‍රියතාවයට ඡායාරූපය යොදන ලෙසට ද තමාට අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දුන් බව සැපයීම් අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබෙනවා.
පෙළ පොත්වලට අමතරව ගුරු අත්පොත්වලට ද තම ඡායාරූපය යොදන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.
ඒ අනුව සෑම පෙළපොත් මුද්‍රණයකටම එම අමතර පිටුව ඇතුළත් කිරීම සඳහා වැය බරක් යෙදීමට සිදුවූ බවයි වත්මන් අධ්‍යාපන සැපයීම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ.
ඒ අනුව පෙළ පොත් කෝටි 4ක් සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව සහිත ඡායාරූපය ඇතුළු පිටුවක් ඇතුළත් කර තිබෙනවා.
එම සාක්ෂිවලට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා එළඹෙන ලබන මස 1 වන දින පෙරවරු 9.30ට ජනාධිපති කොමිසම් සභාවේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට නොතීසි නිකුත් කර තිබෙනවා.