එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සඳහා තිබූ ක්ෂය වීම වගුව ඉවත් කිරීමද මෙම අතුරු අයවැය මඟින් ප්‍රකාශ වූ අතර ඒ තුලින් මාස 3ක් පමණ පැරණි හයිබ්‍රිඩ් රථයක් රුපියල් 75,000 - 100,000ක් අතර මුදලකින් ඉහළ යන බවත් අවුරුද්දට වඩා පැරණි රථයක් රුපියල් ලක්ෂ 2ක් පමණ මිල වැඩි වන බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම ආනයනකරුවන් පිළිවෙල කිරීමේ කටයුත්තක්ද හඳුන්වාදීම සැලසුම් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. එහිදි වාහන ආනයනකරුවන් ලියපදිංචි කිරීමේ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදී ඇති අතර ඒ සඳහා වාර්ෂිකව ලක්ෂ 15ක බද්දක් ගෙවීමටද කටයුතු කරනු ඇති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
ඔහුගේ සම්පූර්ණ කතාව පහතින්...