Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
"එයා ලෝකෙට පේන්න බොරුවට හිනාවෙලා ජීවත් වෙන කෙනෙක් ‍නෙවෙයි. අපට ඉන්න බැරි වුණොත් අපි අයින් වෙනවා..." - දසුන් පතිරණ

- "එයා ලෝකෙට පේන්න බොරුවට හිනාවෙලා ජීවත් වෙන කෙනෙක් ‍නෙවෙයි. අපට ඉන්න බැරි වුණොත් අපි අයින් වෙනවා..." - දසුන් පතිරණHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"හංසිට දෙවැනි දරුවත් ලැබෙන්න ඉන්නේ, දෙවැනි වතාවටත් තාත්තා කෙනෙක්.."

"එහෙම වුණහම හිඟාකන්නයි වෙන්නේ. ළමයට කන්න නැති වෙනවා..."

දසුන් පතිරණ කිව්ව ගමන් මතක් වෙන්නේ පුංචි තිරයේ රිදී තිරයේ ඉන්න දඩබ්බර තරුණයාව. ඔහු සැබෑ ජීවිතයේදීත් දඩබ්බර වෙන්න ඇති. ඒ නිසා වගේම විවාහ නොවී දරුවෙකුට තාත්තා වුනු නිසා ඔහු බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. දැන් ඔහු දෙවැනි දරුවාට තාත්තා වෙන්න පෙරුම් පුරනවා. විවාහ නොවී තාත්තා වූ නිසා කතාබහට ලක් වුණා. මේ ඔහු ගැනයි




* දසුන් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ පුංචි තිරයටද රිදී තිරයටද?
එහෙම තෝරා ගැනීමක් කරන්නේ හොඳ වැඩක් නම් මම ඒ වැඩේ භාර ගන්නවා. මොකද ලංකාව වගේ රටක සිනමාවද ටෙලි නාට්‍යයද හිතලා තෝර ගන්න අමාරුයි. ඒ නිසා ක්ෂේත්‍ර දෙකේම වැඩ කරනවා.

* රංගනයේදී ඔබට වෙන් වූ සීමා මායිම් තියෙනවාද?
ගොඩක් තියෙනවා. මම එක වැඩකටයි නිතරම වගේ කාලය යොදවන්නේ. වැඩ ගොඩක් බදාගෙන කරන්න කැමැති නැහැ. විශේෂයෙන් මෙගා නාට්‍යවලට කැමැතිම නැහැ. අවසානයක් තියෙන තිරපිටපතක් ඕන මට. මම පුද්ගලිකව කැමැති අධ්‍යක්ෂවරුන් එක්කයි වැඩ කරන්නේ. ඒ නිසා ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නෙ නැහැ.

* දැන් මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?
ආරාධනා ලැබෙනවා. නමුත් මටම මම රඟපාපුවා එපා වෙලා. ගීත රූප රචනාවලට රංගනයෙන් දායක වීම නවත්වලා තියෙන්නේ. එකම කතාව, එකම ඇඩිල්ල නිසා මිනිසුන්ට එපා වෙනවා. මට හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා. විශේෂයෙන් නායකයා ගැන සැලකිලිමත් වෙනවා.

* දසුන්ට වේදිකාව මගහැරිලද?
ඔව්. වේදිකාවට මම ආදරෙයි. මාස ගාණක් වේදිකාවට අපි කැප වෙන්න ඕන. එහෙම නොවෙන කොට අපට ජීවත් වෙන්න සල්ලි නැති වෙනවා. එහෙම වුණහම හිඟාකන්නයි වෙන්නේ. ළමයට කන්න නැති වෙනවා. මේ මොහොතේ වේදිකාවට වැඩි දායකත්වයක් ලබා දෙන්න අමාරුයි.

* වෘත්තීය ජීවිතේට මූලිකත්වය දීලා නිසා පුද්ගලික ජීවිතේ මගහැරුණු අවස්ථා ඇති නේද?
ගොඩක් මගහැරිලා නැහැ. එහෙම වුණා කියලා පසුතැවෙන්නෙ නැහැ. මම කරපු වැඩ අතේ ඇඟිලි ගාණට වඩා අඩු වුණත් මම ඒ ගැන තෘප්තිමත්. මගහැරිච්ච දේවල්වලට වඩා කරපු දේවල්වල ප්‍රතිඵල තියෙන නිසා ඒ ගැන දුකක් නැහැ.

* ගෙදරදි කොහොමද කාලය ගත කරන්නෙ?
ශයියා ඉන්නවා. තව බබෙක් ලැබෙන්න ඉන්නවා. මේ දවස්වල ශයියා එක්ක ඉන්නේ. සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්න කෙනෙක් ‍නෙවෙයි. යාළුවෝ නැතිව ඉන්නෙම නැති තරම්. ඒ කා‍ලේ ඉඳන්ම යාළුවෝ එක්කමයි ඉන්නයි. ශයියා ලැබුණට පස්සේ තමයි මම තාත්තා කෙනෙක් කියන හැඟීම ලැබුණේ. ඒ හැඟීම මම මගේ චූටි දුවත් එක්ක උපරිමයෙන් විඳිනවා.

* දසුන්ගේ වැඩවලට හංසිගෙන් ලැබෙන්නෙ මොන වගේ සහායක්ද?
ඒ සහයෝගය නිසයි එයාව තෝර ගත්තේ. මගේ ජීවිතය හරි වෙනස්. මම අට පහ රැකියාවක් කරන කෙනෙක් ‍නෙවෙයි. මට වෙලාවක් කලාවක් නැහැ. එයා මාව හරියට තේරුම් ගත්ත නිසයි ඇය මගේ දුවගේ අම්මා වෙන්නේ.

* ගෙදරදි හංසිගේ වැඩවලටත් දසුන් උදව් කරනවද?
ඔව්. මට උයන පිහන වැඩේ ඉඳන්ම සියලුම වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මම පුළුවන් හැම වෙලාවෙම හංසිට උදව් කරනවා.

* තාත්තගෙ වගකීම වැඩි නිසාද වැඩිපුර වැඩ කරන්නෙ?
ශයියා නිසා ‍නෙවෙයි. ඒ මගේ හැටි. වැඩ බදාගෙන කරන්නෙ නැහැ මම. කරන වැඩේ උපරිම කැපවීමෙන් කරනවා. ඒ දේට ඒ අයට පුරුදු වෙන්න වෙනවා.

* අලුත් සාමාජිකයෙක් එකතු වෙලා වගකීම වැඩි වෙලා කියලා හිතෙන්නෙ නැද්ද?
ඒ දේට වගකීමක් කියන්නෙ නැහැ. මේක අපේ යුතුකමක්. අපි ළමයි හදන්නේ හේතුවක් ඇතිව. මට ඒ හැඟීම මීට කලින් දැනිලා තිබුණේ නැහැ.  ටෙලි ඩ්‍රාමා එක නිසයි ශයියා අපි ගාවට එන්නේ. මේ මොහොතෙත් මම දන්නෙ නැහැ මොනවා වෙයිද කියලා. කියන්න දන්නෙ නැහැ.

මම හිතන්නේ මම මේක අනිවාර්යයෙන් කළ යුතුයි කියලා. ඒ ළමයාගේ තාත්තා මම නම් මම ඒ දේ කරන්න ඕන.

හොඳ ස්වාමි පුරුෂයෙක් ප්‍රේමවන්තයෙක් නොවෙන්න ඇති. ඒත් මම හොඳ තාත්තෙක්.

* හංසි වගේ කෙනෙක් ඔබේ ජීවිතය බෙදා ගන්න එකතුවීම ගැන මොකද හිතන්නෙ?
ගොඩක් ගැහැනු ළමයි මම ආශ්‍රය කරලා ජීවත් වෙලා තියෙනවා. අන්තිමට මම තෝර ගන්නෙ හංසි. ඇයට මාත් එක්ක මේ ගමන යන්න පුළුවන් කියලා හිතුණා. ඇය වෙන රටක ජීවත් වෙන කෙනෙක්. ලංකාවේ ගෑනු ළඟ තියෙන බොරු සෝබන හංසි ළඟ නැහැ. එයා ලෝකෙට පේන්න බොරුවට හිනාවෙලා ජීවත් වෙන කෙනෙක් ‍නෙවෙයි. අපට ඉන්න බැරි වුණොත් අපි අයින් වෙනවා. එයා මට ගැළපෙනවා කියලා හිතන නිසයි ඇය මාත් එක්ක ජීවිතේ බෙදාගන්න එකතු වුණේ.

* ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ මගහැරුණු තැන් ගැන පසුතැවෙනවද?
පසුතැවෙන්නෙ නැහැ. මට දැන් අවුරුදු තිස් තුනක් වෙනවා. මම සතුටුයි මම කරපු දේවල් ගැන. වැඩ ගොඩක් කළේ නැතත් කරපු වැඩ ගැන මට තෘප්තිමත් වෙන්න පුළුවන්.

* තවම විවාහ වෙන්න අදහසක් නැද්ද?
මගේ සිස්ටම් එක අනුව මම හිතන්නෙ දෙන්නෙක්ගේ සම්බන්ධෙ කොළයකට සීමා කරන්න බැහැ කියලා. එහෙම කොළයක අත්සන් කරන්න ඕන දේපළ බෙදා වෙන් කර ගැනීමකදී. එහෙම නීතිමය ප්‍රශ්නයකදී විතරයි කසාද සහතිකයක් ඕන වෙන්නේ. එහෙම නීතිමය ප්‍රශ්නයක් ආවොත් අත්සන් කරලා දානවා. අනෙක් මිනිසුන්ට එහෙම ප්‍රශ්න තිබුණට මට එහෙම ප්‍රශ්නයක් නැහැ.

* දසුන්ට විදේශගත වෙන්න අදහසක් තියෙනවාද?
ඔව්. ලංකාව වගේ රටක මේ සිස්ටම් එකත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. මොකද වෘත්තීමය නළුවෙක්ට රැඳෙන්න අමාරුයි. ලෝකයේ අනෙක් නළුවන්ට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඔවුන්ගෙන් සේවයක් වෙන නිසයි. නමුත් ලංකාවේ එහෙම වටිනාකමක් නැහැ. ලංකාවේ ඉන්න බැරි වුණොත් මම ළමයි දෙන්නත් අරගෙන හංසි එක්ක රට යනවා.

තිළිණි කරුණාරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top