සමලිංගික සේවනය සාපරාධී වරදක් නොවන බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කර තිබෙනවා.
යටත් විජිත සමයේ 377 වැනි වගන්තිය මගින් වූ මෙම නීතිය ස්ථිර කරන ලද බව සඳහන්.
අගවිනිසුරු දීපක් මිශ්‍රා විසින් සංවාසය අපරාධයක් බවට පත් කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බවයි පෙන්වා දී ඇත්තේ.
එහෙත් ඉන්දියාව විසින් සමලිංගිකත්වය සාපරාධී වරදක් බවට වූ පිළිගැනීම වෙනස් කිරීමට මැලිකමක් දක්වා සිටියත් අවසානයේදී එම ස්ථාවරයෙන් මිදෙන්නට ඉන්දියාවට සිදුව තිබෙනවා.
2018 වසරේ සැප්තැම්බර් 6 වැනි දින පටන් එරට සමලිංගික විවාහය යනු සාපරාධී වරදක් නොවන බව තීන්දු කර ඇත.
සමලිංගික විවාහය මේ වෙන විට ලෝකයේ රටවල් 19 ක් විසින් අනුමත කර ඇති බවද වාර්තාවනවා.
සමලිංගික විවාහය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනය කරමින් ඒ සඳහා අවසර ලබා දිය යුතුය යන ස්ථාවරයේ තායිවානය ද සිටින අතර සමලිංගික විවාහය වෙනුවෙන් නීති ප්‍රතිපාදන ඉල්ලමින් ඔවුන් කියා සිටින්නේ නීතියේ සමානාත්මතාවයක් ඇත්නම් සමලිංගික විවාහය වෙනුවෙනුත් අවසර ලැබීම යුගයේ අවශ්‍යතාවයක් බවයි.