නගරයක් පියාඹන කෘමීන් විශේෂයක් විසින් ආක්‍රමණය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියාවේ දකුණු ප්‍රදේශයේ Taganrog නගරය මෙසේ කෘමි උවදුරකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
නගරයේ මාවත් ඇතුළු බොහෝ ස්ථානවල මිලියන ගණනක් වූ මෙම කෘමීන් දැක ගැනීමට හැකි අතර ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට බොහෝ අපහසුතා ද ඇතිව තිබෙනවා.
ඒ අනුව රථ වාහන ධාවනය මෙන්ම මං මාවත්වල ඇවිද යාම ද අපහසු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
විශේෂඥයින් පවසන්නේ මෙම කෘමීන්ගේ ජීවිත කාලය දින දෙකත් පහත් අතර කාලයක් වන බවයි.