Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
28
"දරු දෙදෙනාගේ ජීවිත අනතුරේ දාලා මේ වගේ උපතක් සිදු වුණාම මං දහස්වාරයක් මැරි මැරී ඉපදුණා.." - දින 87ක පරතරයක් ඇතිව ඉපදිලා ලෝකය හොල්ලපු නිවුන්නු

- "දරු දෙදෙනාගේ ජීවිත අනතුරේ දාලා මේ වගේ උපතක් සිදු වුණාම මං දහස්වාරයක් මැරි මැරී ඉපදුණා.." - දින 87ක පරතරයක් ඇතිව ඉපදිලා ලෝකය හොල්ලපු නිවුන්නුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

"එයා ඉන්කියුබේටරය ඇතුළෙ ඉන්න විදිහ දැක්කාම මට දරාගන්න බැරි වුණා..."

"එමි ඉපදිලා දවස් 87 ට පස්සේ තමයි කේට් ඉපදුණේ.."

"ගිනස් වාර්තා පොත තවම බිදලා නැහැ.."

සාමාන්‍යයෙන් නිවුන් දරුවන් බිහිවන්නේ එකම දවසෙ, විනාඩි කීපයක් බොහොම කලාතුරකින් පැය කීපයක පරතරයකින් යුතුවයි. ඒත් දින 87ක පරතරයකින් යුතුව මෙලොවට බිහිවූ නිවුන් දරුවන් ගැන ඔබ අහලා තියෙනවද? ගිනස් වාර්තා පොතේ තවමත් නොබිඳී පවතින ඒ වගේම බිඳ දැමීමට අපහසු වාර්තාවක් වන මේ අපූරු නිවුන්නු හඳුන්වන්නේ.


"පුංචි ප්‍රාතිහාර්යය" යන අරුත දෙන  නමිනුයි. ගිනස් වාර්තා පොතේ හැටියට "වැඩිම පරතරයක් සහිතව බිහිවූ නිවුන් දරුවන්" ලෙස පිළිගැනෙන්නේ අයර්ලන්තයේ කිලිකෙනි ප්‍රාන්තයේ වෝටර් ෆෝස් රෝහලේදී මාරියා ජෝන්ස් එළියට් බිහිකළ ඇමී සහ කේට් යන ගැහැනු දරුවන් දෙදෙනාය.

මාරියාට දරුවන් ලැබෙන්න දිනදී තිබුණෙ 2012 අවුරුද්දෙ අගෝස්තු මාසයේ. ඒත් ඇයට අමුත්තක් දැනුණු නිසා ජුනි මාසයේ දිනක රෝහල් ගත වූ දින කීපයකට පසු 2012 ජුනි මාසෙ 6 වැනිදා මුලින්ම ඇමී මෙලොවට බිහි වූයේ නොමේරූ දරුවෙක් හැටියටයි. ඇගේ නිවුන් සොයුරු කේට් බිහිවුණේ ඉන් දින 87කට පස්සේ අගෝස්තු 27 වැනිදා හරියටම කියනව නම් මේ දෙන්නා අතර පරතරය දින 87 පැය 1 විනාඩි 45ක්. තම නිවුන් දියණියන් අතරින් ඇමී නොමේරූ දැරියක් විදියට බිහිවෙලා. අනෙක් දියණිය කුස තුළ තවදුරටත් රැඳී සිටීම නිසා තමන් පත්ව සිටි අසහනකාරී තත්ත්වයට මෙලොව වෙන කිසිම මවක් පත් නොවන්නට ඇති බවයි මාරියා කියන්නේ.

"සාමාන්‍යයෙන් නිවුන් දරුවන් බිහිවෙන එක අම්මා කෙනකුට මොන තරම් සතුටක් ද? ඒත් දරු දෙදෙනාගේ ජීවිත අනතුරේ හෙළමින් මේ වගේ උපතක් සිදු වුණාම මං දහස්වාරයක් මැරි මැරී ඉපදෙනවා." මාරියා පවසනවා.

"ඇමී ඉන්කියුබේටරය අතුළෙ ජීවිතය රැක ගන්න සටන් කරනවා. කේට් මගේ දරු ගැබ තුළ නොමැරී ඉන්න උත්සාහ කරනවා. මේ දිහා බලාගෙන අම්මා කෙනෙක් ඉන්නේ කොහොමද?" ඇය අහනවා.

දරුවන් ලැබෙද්දී මාරියාගේ වයස අවුරුදු 34යි. ඇගේ සැමියා ක්‍රිස් මනෝචිකිත්සක හෙද නිලධාරියෙක් හැටියට සේවය කළේ මේ නිවුන් දරුවන් ලැබුණු රෝහලේමයි. දරුවන් පිළිසිඳගෙන සති 7කට පස්සෙ කරන ලද ස්කෑන් පරීක්ෂාවෙන් තමන්ට ලැබෙන්න ඉන්නේ නිවුන් ගැහැනු දරුවන් දෙදෙනකු බව දැනගත් දෙදෙනාම මහත් සතුටට පත්වුණා.

දරුවන් පිළිසඳගෙන සති 23 දින 5ක් ඉතා සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා. ඉන් පසුව ඇයට තම කුසේ අසාමාන්‍ය ලෙස විශාල තෙරපීමක් දැනෙන්නට වූ බව මාරියා පවසනවා. නිවුන්නු ලැබෙන්න සිටින නිසා මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස ඇය සිතුවත් එන්න එන්නම අපහසුතාව වැඩිවන නිසා ඇය තමන්ගේ නාළිකා ප්‍රසව වෛද්‍යවරයා මුණගැසුණා. ඔහුගේ උපදෙස් වූයේ වහාම රෝහල්ගත වන ලෙසයි. රෝහල් ගතකොට සුළු වේලාවකින් මාරියාට දරුවන් බිහිවීමේ ලක්ෂණ පහළ වූහ. දින 2කට පස්සෙ නොමේරූ දරු උපතක් ලෙස ඇමී බිහි වීමෙන් අනතුරුව වෛදවරු පැවැසුවේ දරු දෙදෙනා පිළිබඳ තබාගත හැකි බලාපොරොත්තු ඉතා සීමිත බවයි. උපදිනවිට ඇගේ බර රාත්තල් 1 අවුන්ස 3ක් වූ අතර ඉපදුන සැනින්ම ඇයව දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන ගියා.

ඇමී බිහි විමෙන් පසුව අනෙක් දැරිය බිහිකිරීම පිළිබඳ ලක්ෂණ නතර වුණා. වෛද්‍යවරු පැවැසුවේ තමන් මීට පෙර මෙවැනි අත්දැකීමකට මූණදී නැති බවයි. ඊළඟ දිනයේදී අනෙක් දරු උපත කරවීමට වෛද්‍යවරු උත්සාහ කළත් මාරියා සහ ක්‍රිස් පැවැසුවේ ඒ සඳහා ස්වභාවධර්මයටම ඉඩ දෙන ලෙසයි.

"මං ඒ වෙලාවේ හිතාගත්තා මගෙ දරුවො දෙන්නම නැතිව මං රෝහලෙන් පිටවෙන්නෙ නැහැ කියලා. මට දවස් හතරකට පස්සෙයි ඇමීව දකින්න ලැබුණෙ. එයා ඉන්කියුබේටරය ඇතුළෙ ඉන්න විදිහ දැක්කාම මට දරාගන්න බැරි වුණා. හිතාගන්න බැරිතරමට එයා පුංචියි. මට පුංචි ඇමීව අතට ගන්න ලැබුණේ එයා ඉපදී සති 5කට පසුවයි. මං එයාව පපුවට තුරුළු කර ගත්තාම එයා මගෙ උණුසුමට තුරුලුවුණා. ඒ වෙලාවෙ මට ඉකි ගගහ ඇඬුණා." මාරියා කියන්නේ සෑහෙන්න සංවේදීව.

මේ අසීරු කාලය ගෙවී යද්දී වෛද්‍යවරු, මාරියා ගැබ්ගෙන සති 36කට පස්සේ දෙන්න නිවුන් දරුවා බිහි කිරීමට ආරක්ෂිත බව තීරණය කළ. 2012 අගෝස්තු මාසයේ 27 වැනි දින දරු ප්‍රසූතිය සඳහා ඇයව සූදානම් කෙරුණ. ඉතා සාමාන්‍ය අන්දමින් එදා බිහිවූ කේට්ගෙ බර රාත්තල් 5 අවුන්ස 10ක් වූණා. ඇයව රඳවා තැබුණේ එමී සිටිය ඉස්කියුබේටරයම අසල වූ කොට් එකක.

කෙසේ හෝ ඇමී නිසි ලෙස වැඩෙන තුරු තවත් සත් කීපයක් තිදෙනාට රෝහලේ රැඳී සිටීමට සිදු වුණා.

"මේක හරියට ලොතරැයියක් ඇදුණා වගේ සිද්ධියක්. බොහොම කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක තුන් දෙනාම හොඳ සනීපයෙන් රෝහලෙන් පිට වෙන්නේ. මේ දරු උපත සිදු කිරීමට දායක වූ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි වෛද්‍ය එඩී ඕ. ඩොනල්ඩ් සඳහන් කරනවා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ ඇමෙරිකාවේ පෙන්සිලිවේනියාවේ පෙගී ලයින් නම් කාන්තාවක්. ඇය බිහිකළ දරුවන් අතර පරතරය දින 84 ක් වුණා.

ගැමුණු රත්නායක



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top